අලි ගැන වගේම මිනිස්සු ගැනත් සංවේදී වෙන්න ඕන - ලංකාවේ තියෙන්නේ දෙබිඩි බුදු දහමක්

Click to
follow
දැන් අලි ගැන ලොකු සාකච්චාවක් සමාජයේ ඇතිවෙලා තියනවා . බෙල්ලන්විල නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක තමයි අලි සම්බන්ධයෙන් සමාජයේ යළිත් කතා කරන්න පටන් අරන් තියෙන්නේ.උන්වහන්සේ අපවත් උනේ අලියෙකුගේ පහර දීමෙන් කියලා මුලින් පුවත් වාර්ථා පල උනත් පසුව එහෙම නෙමේ කියලා තොරතුරු වාර්ථාඋනා. අපි මේ සිදුවීමේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. නමුත් අද වන විට මේ සිදු වීමත් එක්කම අලි ඇතුන් සම්බන්ධයෙන් විශාල සාකච්චාවක් සමාජය තුල මතුවෙලා තියනවා.හැබැයි ලංකාවේ වසරක් ඇතුලත දෙසිය පණහක් තුන්සියයක් අතර ප්රමාණයක් මිය යනවා අලි පහරදීලා.ඒ සියළු දෙනා දුෂ්කර ගම්මානවල ඉන්න ජනතාව.ඒ වෙලාවල් වල මෙහෙම සංවාදයක් හැදෙන්නෙම නෑ.වසරකට දෙසිය පණහක් කියන්නේ සතියකට මිනිසුන් තුන් හතර දෙනෙක් අලි පහරදීම් වලින් මිය යනවා.කොළඹදී අලි පහර දීමක් උනොත් තමයි ඒ පිළිබදව ලොකු කතාවක් එන්නේ.පන්සල්වල අලි තබා ගැනීම පිළිබදව පරිසරවේදීන් ගෙනෙන තර්කයේ පදනමක් තියනවා අපි ඒක පිළි ගන්නවා.අලියා කියන්නේ දවසකට කිලෝ මීටර් හතලිහක් විතර ඇවිදින්න ඕන ලොකු වට ප්රමාණයක් ඇතුලේ හැසිරෙන්න ඕන සතෙක්.   ඒ වගේ සතෙක්ව දන්වැල් දාලා පොඩි භූමි ප්රමාණයක තියාගෙන ඉන්න එක හිරි හැරයක් ඒක සත්ව හිංසනයක් කියලා කියද්දී අපිට ඒ පිළිබදව එකග වෙන්න පුළුවන්.බල්ලෝ පුසෝ හරක් ගැනත් එතකොට කට්ටිය අහනවානේ. ඒ සතුන් ඉතිහාසයක් ඇතුළේ ගෘහාශ්රිතවෙලා තියෙන්නේ උදාහරණයක් හැටියට අපේ ගෙදරක ජීවත්වෙන බල්ලෙක්ව කැලේකට ගෙනෙහින් දැම්මොත් ඌට තනියම ජීවත් වෙන්න බෑ ඌ මැරෙනවා. නමුත් සතු වත්තේ ඉන්න අලියෙක් උනත් කැලයකට ගිහින් දැම්මොත් රැකෙන්න පුළුවන් ඒ සතා කැලේ ජීවිතයට ඉක්මනින් හුරු වෙනවා.පරිසර වේදීන් කියන විදිහට පන්සල් වලයි ගෙවල් වලයි ඉන්න අලි ටික අල්ලලාකැලේට ගිහින් දාන එකද අලි ප්රශ්ණයට සැබෑ විසදුම. හාමුදුරුවරු කියන සංස්කෘතික කතාව ඇතුලෙත් අලි ඉන්නවා. විශාල වාරි කර්මාන්ත ක්රියාත්මක කරද්දී මිනිසුන් යොදා ගෙන කරන්න බැරි කටයුතු සදහා අලීන් යොදා ගත්තා.   හැබැයි දැන් ඒ සදහා තාක්ෂනයේ දියුණුවත් එක්ක විවිධ යන්ත්ර සූත්ර තියනවා.ඉතින් ඒ කටයුතු සදහා දැන් අලි ඇතුන්ගේ අවශයතාවයක් නෑ.දාර්ෂණික බුදු දහමක් තියනවා සත්ව අවිංසාව ගැන කතා කරන සියලු සතුන්ට කරුණාව දක්වන්න ඕන කියන . ප්රයෝගිකව ධුරාවලි ගතවෙලා නායක හාමුදුරුවරු කියන බුදු දහමක් වෙනම තියනවා.ලංකාවේ බුද්දාග්ම් දෙකක් තියනවා . මේ දෙක අතරේ පරස්පරය නිසා මිනිස්සු දෙබිඩිවෙලා.සත්ව අවිහිංසාව පිළි ගන්නවා ඒ ගමන් අලියෝ ගෙනල්ලා තියා ගන්නවා.මේ දෙබිඩිකම පන්සල්වල හාමුදුරුවෝ අතර විතරක් ආපු එකක් නෙමේ සමාජයක් විදිහට දෙබිඩිවෙලා.මහාචාර්ය ගනනාත් ඔබේසේකර ඉංග්රීසියෙන් ලියද්දී බුඩිසම් කියන එක කැපිටල් බී දාලත් ලියනවා සිම්පල් බී දාලත් ලියනවා.කැපිටල් බී බුඩිසම් කියන්නේ මහේශාකය බුද්ධාගම සිම්පල් බී දාලා ලියන බුදු දහමෙන් එයා අදහස් කරන්නේ දාර්ෂණික බුද්ධාගම.විද්වතුන් පවා කියලා තියෙන්නේ බුද්ධාගම් දෙකක් තියනවා කියලා.ප්රශ්ණය තියෙන්නේ බුද්ධාගම් දෙකක් තිබීම නෙමේ . මේ බුද්ධාගම් දෙකක් තිබීම නිසා මිනිස්සු දෙබිඩිවීම.අපි එක පැත්තකින් අපේ දරුවන්ට උගන්වනවා අලියට ආදරය කරන්න අලියට කරුණාවන්ත වෙන්න කියලා ඒ අතර අපි දරුවන්ට පෙන්නනවා අලියට දන්වැල්දාලා පෙරහැරේ යන ඒවා අලියට කියලා කොට අද්දන ඒවා.අලියා ගැන වගේම මිනිස්සු ගැනත් සංවේදී වෙන්න .. https://youtu.be/colnuDUh4iM       ....