ඡන්දය දාන්න කියලා ජනතාවට බලපෑම් කරන්න බෑ දඩ ගහන්නත් බෑ - පුබුදු ජයගොඩ

Click to
follow
ඡන්දය දාන්න කියලා ජනතාවට බලපෑම් කිරීමට හෝ ඡන්දය ප්රකාශ නොකර සිටි නිසා දඩ මුදලකට යටත් කිරීමට කිසිදු නීතිමය ප්රථිපාදනයක් නොමැති බවත් එසේ බලපෑම් කිරීම නීතියට පටහැනි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. අද 05 දින පෙරවරුවේ බත්තරමුල්ලේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය. මාධ්ය හමුව සදහා එම පක්ෂයේ චන්ද්රසිරි ලන්දගේ මහතාද සහභාගීවිය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ..... රජයේ සේවකයන් තැපැල් ඡන්ද ඉල්ලුම් කරලා ඡන්දය නොදී සිටියොත් දඩයක් ලෙස රුපියල් හත්සිය පණහක් ගෙවීමට සිදු වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසලා තිබුණා.මේක ලොකු ප්රශ්ණයක්. මැතිවරණයකදී ජනතාවට තමන්ගේ ඡන්දය ප්රකාශ කිරීමට අයිතිය තියනවා වගේම ඡන්දය ප්රකාශ නොකර සිටීමට අයිතියත් තියනවා.ඡන්දය ප්රකාෂ නොකර සිටින්නන් අතර ඉන්න පුළුවන් දේශපාලණය ගැන උනන්දුවක් නැති අය ,පුද්ගලික කටයුතු දේශපාලණයට වඩා ඉහළින් සිතන අය, කම්මැලි කමට ඡන්දය නොදා සිටින අය ,ඉන්න පුළුවන් . හැබැයි ඒ අතරේ ඉන්න පුළුවන් තමන්ගේ දේශපාලණ මතයක් ලෙස ඡන්දය ප්රකාශ නොකර සිටින අය .එතකොට ඒක දේශපාලණ මතයක්. මැතිවරණයකදී ඡන්දය ලබාදීම විතරක් නෙමේ දේශපාලණ මතය .ඡන්දය පාවිච්චි නොකර සිටීමත් දේශපාලණ මතයක්.මැතිවරණ කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට පුරවැසියන්ට තර්ජනය කරද්දී අනිවාර්යෙන් තැපැල් ඡන්දය දාන්න කියලා ඒක ප්රජාතන්ත්ර විරෝධී යෝජනාවක් විදිහට අපි දකින්නේ. එහෙම දෙයක් කරන්න නීතියේ කිසිදු ප්රථිපාදනයක් නෑ.ලංකාවේ කොහෙද නීතියක් තියෙන්නේ ඡන්දේ දාන්නේ නැති අයට දඩ ගහන්න. නීති නැතිව මැතිවරණ කොමිසමට හෝ එහි නිළධාරීන්ට හිතෙන හිතෙන විදිහට පුළුවන්ද ඡන්ද දායකයින් සම්බන්ධව හෝ රටේ පුරවැසියන්ගේ ප්රජාතාන්ත්රික අයිතීන් පිළිබදව තීරණ ගන්න.දැන් එතකොට අහන්න පුළුවන්නේ තැපැල් ඡන්දය දාන්නේ නැත්නම් ඇයි ඉල්ලුවේ කියලා .මෙතන තියන ප්රශ්ණය තමයි තැපැල් ඡන්දය ඉල්ලුම්කලේ මාස කිහිපයකට කලින් . ඉල්ලුම් කරන අවස්ථාවේදී කෙනෙක් හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් මම ඡන්දය පාවිච්චි කරනවා කියලා.හැබැයි ඉල්ලුම් කලාට පස්සේ ගෙවිච්ච මේ මාසය දෙක ඇතුලේ ඕනම කෙනෙක් තීරණය කරන්න ඉඩ තියනවා මේ වෙන පිස්සු විකාරය ඉස්සරහ ඡන්දේ දෙන්නේ නෑ කියලා.මේ ඔක්කොම පක්ෂ එකවල්ලේ පොල් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ කියලා ඡන්ද දායකයින් තීරණය කරනවා වෙන්න පුළුවන්.එතකොට ඒ අයිතියට ගරු කරන්න ඕන . මේ දඩ ගැසීම ගැන කතා කරද්දී තැපැල් ඡන්දය දාන්න දින හතරක් ලබා දීලා තිබුනා. පළවෙනි දවස්තුන ඇතුලෙම තැපැල් ඡන්ද එතරම් පාවිච්චි වෙලා නැති නිසා .ඊට පස්සේ චන්ද දායකයින්ව බය කරලා ගෙන්න ගන්න තමයි අවසාන දවසට කලින් දවසේ සවස ප්රකාශ කරලා කිව්වේ චන්දේ දැම්මේ නැත්නම් දඩ ගහනවා කියලා.ඒක නිශ්චිතවම ඡන්ද දායකයට කරපු අනිසි බල පෑමක්.ඡන්ද දායකයින්ට විවිධාකාරයෙන් වන බලපෑම් නැති කිරීමට කියලා හදපු මැතිවරණ කොමිසම දැන් ඡන්ද දායකයාට අනිසි ලෙස බලපෑම් කර තියනවා.මැතිවරණ කොමිසමට බෑ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උදුර ගන්න . මැතිවරණ පනතට වඩා උඩින්නේ තියෙන්නේ ආණ්ඩුක්රම වියවස්ථාව.එහි තියනවා උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තමන්ගේ මත ප්රකාෂ කිරීමේ අයිතිය .     ....