සතොස ඇතුළෙ බහිරවයෙක්!

Click to
follow
සුපිරි වෙළදසැල් සමග උරෙනුර ගැටෙන ලංකාවේ විශාලතම සිල්ලර වෙළදසැල් ජාලය වන සතොස ආයතනය තුළ සිදුවන මූල්ය වංචාවක් පිළිබද වාර්තා වනවා. මාසයකට රුපියල් ලක්ෂ 3 ගනනේ පිල්ලි ගහන මේ වංචාව සිදුවන්නේ සතොස ආයතනයේ ප්රවර්ධන කටයුතු සදහා පත්කර තිබෙන Benneu Consultancy නම් සමාගමක් ඔස්සේයි. කර්මාන්ත හා වාණිජ විෂය භාර අමාත්යය රිෂාඩ් බදූර්දින් විසින් පසුගිය සමයේ මසකට රුපියල් ලක්ෂ 26 ක මාසික වැටුපකට උපදේශක නිළධාරියෙකු බඳවා ගත් අතර ආයතනයේ සෙසු නිළධාරින්ගේ දැඩි විරෝධය මත වසරක ගිවිසුම් කාලයෙන් පසු එම පත්වීම අවලංගු කරනු ලැබුවා. රිස්මි රිෂාඩ් වන එම පුද්ගලයා විසින් සිය ධුර කාලය තුළ හිතවත් පුද්ගලයෙකු වන ෂානුල් මොහොහඩ් හට සතොස ආයතනයේ ප්රචාරණ කටයුතු භාරව වගකීම් පවරන ලද අතර ඒ ඔහුට අයත් ඉහත කී සමාගම සමග මාස 6 ක ගිවිසුම් කාලයකටයි. පසුගිය සැප්තැම්බර් මාසයෙදී අත්සන් කළ මෙම ගිවිසුමට අනුව සතොස ආයතනයේ ප්රවර්ධන කටයුතු සදහා වූ වගකීම් 14 ක් Benneu Consultancy ආයතනයට පැවරෙන අතර ඒ සදහා මාසයකට ලක්ෂ 3 ක මුදලක් ලබා දෙනවා. ගිවිසුමට අනුව මේ වන විට මාස 4 ක් තිස්සේ නියමිත පරිදි අදාල මුදල් ගෙවීම් සිදු කළද එකඟ වූ වගකීම් කිසිවක් ගිවිසුමේ එකග වූ කරුණු අනුව සිදු නොවන බවට සතොස ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කළා. ආයතනයේ සුදුසුකම් ලත් ඉහළ කළමණාකාරිත්වය මේ පිළිබද නිහඩ පිළිවෙතක් රකින්නේ අදාල පත්වීම සදහා අමාත්ය රිෂාඩ් බදූර්දීන් ගේ මැදිහත් වීම නිසා බව වෘත්තීය සමිති පවසනවා. එමෙන්ම ආයතනය තුළ අදාල වගකීම් ඉටු කිරීමට සුදුසුකම් තිබෙන නිළධාරින් සිටියදී ව්යාජ අවශ්යතා මවා පෙන්වා සිය හිතවතුන්ට ලක්ෂ ගණන් මාසික වැටුප් ගෙවන මෙවැනි වංචාවන් පිළිබද ආයතනික විගණන අංශ පවා මුණිවත රැකීම පිලිබඳ බොහෝ දෙනා විමතිය පළ කරනවා. විල්පත්තු සංහාරයේ උණුසුම යන්නටත් මත්තනේ රිෂාඩ් බදූර්දීන් ගේ සෘජු සහ වක්ර මැදිහත් වීම මත සිදුවන තවත් වංචාවන් රැසක් පිළිබද කරුණු ඉදිරියේදී අනාවරණය කිරීමට තමන් සූදානමින් සිටින බව සතොස සේවකයන් පවසනවා. ....