ආණ්ඩුව හදන්නේ වෙසක් එකට මුවා වෙලා කම්කරුවන්ගේ අයිතීන් උදුරා ගන්න - පුබුදු ජයගොඩ

Click to
follow

කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා මැයි පළමු වැනිදාට නියමිත ජාත්‍යන්තර කම්කරු දිනය සහ එයට හිමි නිවාඩුව අවලංගු කරලා  ඒ වෙනුවට මැයි හත් වෙනිදාට ඒ දිනය සමරන්න . ඒ අයට එහෙම තීරණයක් ගන්න මේක ලංකාවේ කම්කරු දිනය නෙමෙයි. ලෝකයේම ජනතාව සමරන ජාත්‍යන්තර කම්කරු දිනය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද(28) දින බත්තරමුල්ල පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලේ පැවති  මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ  මහතා මේ බව පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු පුබුදු ජයගොඩ මහතා ..

1886 මැයි මාසේ  ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේ පැය අටේ වැඩ මුරයක් වෙනුවෙන් අරගල කරපු කම්කරුවන්ට පහර දීලා මර්දනය කරලා ඒ කම්කරු නායකයන්ව මරණ දඩුවමට පවා ලක් කලා.කම්කරු ජනතාවගේ ලේ වැගිරීම් තුලින් තමයි කම්කරු දිනයා ආරම්භ උනේ. 1889 ජාතයන්තර කම්කරු දිනය සමරන්න ආරම්භ කරලා මේ වෙනකොට අවුරුදු දෙසීයකටත් වැඩි කාලයක් ගතවෙලා තියනවා.හැම පැත්තෙන්ම මර්ධනය නව ලිබරල් ප්‍රතිපත්තිය දියත් කරමින් තියලා මේක අස්සේ තමයි හැම කෙනාම විකල්ප පාරක් හොයමින් ඉන්නේ.විකල්ප පාර කියද්දී මැයි පලවෙනිදා තමයි ඒ විකල්ප පාර ගැන සංවාදය හැදුන දවස විකල්ප පාරට බලයක් පෙන්නන්න උත්සාහ කරන දවස විකල්ප සංවිධානය  පාරට එන දවස ඒක තමයි මේ තහනම් කරන්න හදන්නේ. ඒ විකල්පයට බයවෙලා ඒක තමයි මේ තනම් කරන්න යන්නේ.

මේ වමට බයක් තියෙන්නේ. ඒක කාටහරි අතිෂෝක්තියක් කියලා හිතෙන්න පුළුවන් නෑ ඒක අතිෂෝක්තියක් නෙමේ. දැන් වමේ වියාපාරය ගත්තොත් අපි පෙළහරපාලා නෑ.හැබැයි කුණුවෙලා නැතිව ඉතූවෙලා තියෙන්නේ වාමාංශිකයෝ විතරයි.කවුද මහජන මුදල් හොරකම් කරන්නේ නැතුව මුදලට තමන්ගේ ආත්මය පාවා දෙන්නේ නැතුව දේශපාලණය කරලා තියෙන්නේ කවුද ? වම විතරයි ඒ දේශපාලණය කරලා තියෙන්නේ.කම්කරු පංතිය වැඩ කරන ජනතාව සමරන දිනයට මේ තහනම ගේන්න හදන්නේ.1987 දී ජේ ආර් ආණ්ඩුව ජාතයන්තර කම්කරු දිනය තහනම් කලා.1987 ජාතයන්තර කම්කරු දිනය සමරන්න දුන්නේ නෑ.ඊට පස්සේ නාරාහේන්පිට අභයාරාමයට එකතුවෙලා තමයි කම්කරු දිනය සමරන්න ගියේ. ඒ අවස්ථාවේ ලෙස්ලි ආනන්ද කියන කම්කරුවටයි කිත්සිරි මෙවන් කියන ශිෂයයි වෙඩි පහර වැදිලා මිය ගියා. ඒ අයගේ ලේ මතින් තමයි කම්කරු දිනය සමරන අයිතිය ලංකාවේ ජනතාව ලබා ගත්තේ.2006 දී නැවත මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් කම්කරු දිනය සමරන එක තහනම් කලා ඒ වෙලාවෙත් කම්කරුවන් කම්කරු දිනය සැමරීම කලා.ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉතාම තිර්ස්චීන ලෙස පහරදීම් කලා. නමුත් කම්කරු දිනය සැමරීම සිදුකලා.කම්කරු දිනය නවත්වන්න හදපු හැම වෙලාවකම වාමාංශිකයෝ ප්‍රගතිශීලීන් එකතුවෙලා කම්කරු දිනය සමරන එක රැක ගත්තා.ජේ ආර්ට කරන්න නොදීපු වැඩේ අපි ජේ ආර්ගේ බෑණට කරන්න දෙන්නේ නෑ.මහින්ද රාජපක්ෂට කරන්න නොදීපු වැඩේ මහින්දව එලවනවා මහින්දගේ අගතීන් පරද්දනවා කියලා ආපු මෛත්‍රීපාලට කරන්න දෙන්නේ නෑ.කිසිසේත්ම මේ තනම යථාර්තයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.ඉතාම පැහැදිලියි මෙවැනි තනමක් පනවන්න කැබිනට් මණ්ඩලයට බලයක් නෑ.කම්කරු දිනය සමරන්නේ කවද්ද කියලා තීරණය කරන්නේ අම්කරුවෝ. ගොවියෝ ධීවරයෝ  පීඩාවට පත් ජනතාව.ඒ ගොල්ලොයි තීරණය කරන්නේ කවද්ද ජාතයන්තර කම්කරු දිනය සමරන්නේ කියලා.කැබිනට් එක කොහොමද තීරණ ගන්නේ ජාතයන්තර කම්කරු දිනය සමරන දවස.අඩුමගානේ කැබිනට් එකේ අයට කම්කරුවන්ගෙන් අහන්න තිබුනා එහෙම කිසි දෙයක් අහන්නේ නැතුව කැබිනට් මණ්ඩලය තීරණය කරන දවසට කම්කරු සැමරුම් දිනය තියන්න ඒක හරි ෂෝක් වැඩේ.
 
ආණ්ඩුව මේ කරන්න යන්නේ වෙසක් එකට මුවා වෙලා මේ තියන අර්බුදය වසා ගන්න .මෛත්‍රීපාලයි රනිලුයි මහින්දයි ඔක්කොම අර්බුදයට ගිහිල්ලා ඔවුන් ගැන විශ්වාෂය භංගවෙලා තියන වෙලාවක කුණු වෙච්ච රනිලුයි ජෝක් වෙච්ච මෛත්‍රී ගේම් ගහන මහින්දයි ඔක්කොමලා තමන්ගේ අවසාන රැකවරණය විදිහට දැන් තෝරගෙන තියනවා වෙසක් එක  මේ ගොල්ලෝ ගිලෙන්න යද්දී කොහොමත් එල්ලෙන්නේ ජාතියෙයි ආගමෙයි මිනිස්සුන්ට සංවේදී තැන් දෙකක් විදිහට ජාතියෙයි ආගමෙයි එල්ලිලා තමයි මේ ගොල්ලෝ අර්බුදය ගොඩ යන්න හදන්නේ.
 
 
 
 
 
....


අදහස්

1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0