අකිල විරාජ් කාරියවසම් ඉතාමත් සුදුස්සා බවට රෝසි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී කියූ වීඩියෝව මෙන්න

Click to
follow
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය සඳහා එම පක්ෂයේ වත්මන් නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුදුසු බව පක්ෂ නියෝජිතයින් රැසක් විසින් අදහස් පළ කර තිබෙනවා. අද (19)  අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ අලුත් අවුරුදු කෑම මේසයට සහභාගී වෙමින් එම නියෝජිතයින් මේ අදහස් පළ කළා.
 
මෙහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සමාජිකයෙකු ලෙස කටයුතු කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරු රැසක් සඳහා තරුණ අදහස් හඳුනන, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන, තරුණ කණ්ඩායමක් පත් වනු ඇති බවයි.
 
එමෙන්ම පක්ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වන විට යෝජනා වී ඇති බවත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින්ගේ මෙහෙයවීම මත, එක්සත් ජාතික පක්ෂයත්, වත්මන් යහපාලන රජයත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මෙහි දී ප්‍රකාශ කළා.
 
පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ, වසර තුනක කෙටි කාලයක් තුළ මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත කර්තව්‍යක් ඉටු කළ,  වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම තනතුර සඳහා යෝජනා වී ඇති බවත්, එතුමන් එම තනතුර සඳහා පත් වුවහොත් එම වගකීම නිවැරදිව ඉටු කරනු ඇති බවට විශ්වාසයක් තමන් තුළ පවතින බවත් උත්සවයට එක් වූ කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය පැවසුවා.
 

....


අදහස්

7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 1

Mala (not verified)
Apr 20, 2018 05:53 PM
I feel he might be good but the decision to transfer teachers was a bit confusing.cos teachers like us have spent 15 long years teaching in difficult service and have come to good schools and served only 12 years when we were transferred to c grade schools.As a policy I agree with the scheme but the way it was done was absurd.We as reaches are not members of any union and against any protests.But unfortunately our transfers were handled by those unions who did not even think of our difficult service.Also now as soon as theteachers are appointed they are posted to Amanda grade schools.They don't even have enough experience to teach those. So I hope that this scheme would not stop after this year but would continue as a policy.I request the minister to look into these since teachers are the people who are least paid and who do the biggest job in the world. Thankyou