ගෝඨා FCIDයට

Click to
follow

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුව ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

ඒ සම්බ්නධයෙන් සිදු කරන පරීක්ෂණ නතර කරන ලෙසත් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙසත් දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළය ඔහුගෙන ප්‍රශ්න කළ යුතු බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත. ඒ අනුව දෙපාර්ශවයේම නීතීඥයින් අතර ඇති කර ගත් එකඟතාවය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශය ලබාදීමට නියම විය.

....


අදහස්

11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0