පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එල්ල කරන චෝදනා ඔප්පුකර පෙන්වන්න - පෙරටුගාමීන් විජේදාසට අභියෝග කරයි

Click to
follow

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එල්ල කරන චෝදනා අසත්‍යක්  බවත් එම චෝදනා හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙසට අභියෝග කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා ඊයේ 19 දිනයේ මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

මාධ්‍ය හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා

 විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කිව්වනේ එක්කෝ පෙරටුගාමීන්ට දේශපාලණය බාරදීලා ගෙදර යන්න ඕන එහෙම නැතිනම් පෙරටුගාමීන් නැති කරන්න ඕන කියලා එයාට එහෙම හිතිච්ච එක හරි.ඒගොල්ලෝ කරන හොර දේශපාළණයේ ඒ ගොල්ලෝ කරන තක්කඩි දේශපාලණයේ ඒ ගොල්ලෝ කරන ජනතා විරෝධී සමාජවිරෝධී දේශපාලණයට එරෙහි විරෝධය තමයි අපෙන් මතුවෙන්නේ.එයට එරෙහි විකල්පය තමයි අපෙන් මතුවෙන්නේ.ඒ ගොල්ලන්නට ඒක නිසා අපේ වාමාංශික දේශපාලණය නැති කරන්නේ නැතිව ඉදිරියට යන්න බෑ.ඒක නිසා විජේදාස රාජපක්ෂට අපේ පක්ෂේ නැති කරන්න හිතිච්ච එක හරියට හරි.විජේදාස රාජපක්ෂගේ දේශපාලණය කියන්නේ එක එක කාලෙට එක එක දේශපාලණ පක්ෂ වල ඉන්න එක.ඇමතිකම් භාර ගන්නවා ඇමතිකම් එපා කියලා දාලා යනවා.මේ වගේ ආණ්ඩුවල ඇමතිකම් ගන්නේ නෑ කියලා සිංහ නාද පවත්වලා අවුරුද්දක් යන්නත් කලින් බලුකුක්කෙක් වගේ ඇවිදින් ඇමතිකම් භාර ගන්නවා .

ඊට පස්සේ ඇමතිකමේ පවර්ස් පාවිච්චි කරලා අරක නැති කරනවා මේක නැති කරනවා කියලා කියනවා.මේක තමයි එයාගේ දේශපාලණය.කවුරුහරි ප්‍රශ්ණයක් මතු කලාට පස්සේ ප්‍රශ්ණෙට විසදුම් දෙන එක නෙමෙයි ප්‍රශ්ණය නැති කරන එක තමයි දේශපාලණය කියලා විජේදාසලා හිතාගෙන ඉන්නේ.දැන් පෙරටුගාමීන් නැති කරනවා කියලා කියන්නේ ඒකනේ.ඔය එක එක්කෙනා කියන විදිහට වාමාංශික දේශපාලණය නැති කරන්න බෑ.ඒක තීරණය කරන්නේ ජනතාව. අපේ රටේ පීඩිත පංතිය වෙනුවෙන් පෙනී ඉන්න අධිශ්ඨානශීලී දේශපාලන වියාපාරයක් ඕන.ජනප්‍රිය රැල්ලේ ගහගෙන යනවා වෙනුවට හොද දේ ජනප්‍රිය කිරීම සදහා වෙහෙසෙන දේශපාලණ වියාපාරයක් ඕන.ප්‍රථිපත්ති පාවා නෙදෙන එක එක්කෙනාට මුක්කු නොගහන දේශපාලන වියාපාරයක් ඕන.

විජේදාස රාජපක්ෂට අපි අභියෝග කරනවා නයිවල උසස් තාක්ෂණික ආයතනයේ නවකවද සිද්දියක් වෙලා තියනවනම් ඒ සිද්දිය මොකක්ද ? ඒ සිද්දියට සම්බන්ධවෙලා තියන පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයෝ කවුද කියලා රටට කියන්න .ඒවා නිශ්චිතව කියන්න නිකන් පෙරටුගාමී පෙරටුගාමී කියලා කෑගැහුවට හරියන්නේ නෑ.අපි දන්න විදිහට නයිවල උසස්තාක්ෂණික ආයතණයේ තියෙන්නේ නවකවද සිද්දියක් නෙමේ.කාලාන්තරයක් තිස්සේ තියන ගැටුම්කාරී තත්වයක් තියෙන්නේ.අර විජේදාස රාජපක්ෂ එක්ක මාධය ඉදිරියට ආපු ශිෂයාට විරුද්ධව පොලීසියේ පැමිණිලි තියනවා ඒ ශිෂයා අනික් සිසුන්ට මැර ප්‍රහාර එල්ල කරනවා කියලා.

පොලීසිය ඒ පැමිණිලි මේ වෙනකන් විභාග කරලා නෑ.ඒ ගැටුම දුර දිග ගිහින් තමයි ඒ ශිෂයා තුවාල ලබලා තියෙන්නේ, මෙතන නවකවද සිද්දියක් නෑ.පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණ කරලා සල්ලි ගන්නවා කියලා විජේදාස රාජපක්ෂ චෝදනා කරනවනම් හරියට කියන්න කවුද අපිට උද්ඝෝෂණ කරනවට සල්ලි දෙන්නේ කියලා.අපි සුඛෝපබෝගී වාහනවල යනවනම් ඒ වාහන භාවිතා කරනවනම් ඒ වාහනවල අංක කියන්න. එහෙම නැතුව බොරු චෝදනා කරන්න එපා. විජේදාසරාජපක්ෂ ටීවීවල බොරුවට කෑ නොගහා අපිට එල්ල කරන චෝදනා ඔප්පු කරන්න. අපිට එල්ල කරපු මේ බොරු චෝදනා පිළිබදව විජේදාස රාජපක්ෂට එරෙහිව අපි නීතිමය පියවර ගන්නවා.

....


අදහස්

11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0