අභීත හමුදාවට අපගේ ගෞරවය

Click to
follow
උපුටාගැනීම: "ශ්‍රී ලංකා හමුදාවට අපේ ගෞරවය, කෘතඥතාවය මෙන්ම අපේ ප්‍රශංසාවද හිමිවිය යුතුය. තුමු ඇපකැපව සිටින රටේ අවශ්‍යතාවය මැනවින් හඳුනාගෙන සිටින මේ පිරිසට තමන් මුහුණපා සිටින අවාසිය වාසියට හරවාගත හැකි වාසනාව හා භාග්‍යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. දමිළ ත්‍රස්තවාදීන් (ඔවුන් කොටි වශයෙන් හැදින්වීමට මම අකමැත්තෙමි. මන්ද කොටින් තුළ වුව ගර්වය ඇති හෙයිනි) ත්‍රස්තවාදීන් වෙත අවසාන තීරණාත්මක ප්‍රහාරය එල්ල කොට ඔවුන් ඉතිහාසයේ කුණු බක්කියට ඇද දැමීමට අභීත ශ්‍රී ලංකා හමුදාවට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ නම් වානේ වන් ශක්තිමත් ස්නායූ අවශ්‍ය කාලයක්ය. ඒකායන, අධිෂ්ඨානශීලි, අකලංක අරමුණ අවශ්‍ය කාලයක්ය. එසේ නම් පසුපෑම් කොතෙක් තිබුණද ජයග්‍රහනය ඔබසතු වනු ඇත. මෙම (ත්‍රිවිධ හමුදාවේ) මිනිසුන් නම් දඹරන් ගුණයෙන් යුක්තාහ. එල්ටීටීඊය නමැති මානසික රෝගී, කෲර, මිනීමරුවන් රොත්තම අභිබවා ඔවුන් පරාජයෙන් පරාජයට පත්කිරීමට ඔවුනට හැකිවනු බව මටනම් නිසැකවම කිවහැකිය". (ඉන්දීය සාමසාධක හමුදාවේ මේජර් සිද්ධාරත් චැතර්ජි, (විශ්‍රාමික) සේන පදක්කම්ධාරී, 10 පැරා කමාන්ඩො} උතුරේ ජාතිවාදී දේශපාලනඥයින්, වහාම ශ්‍රීලoකා හමුදාව උතුරෙන් ඉවත් කරගන්නයැයි බලපෑම් කරයි. දකුණේ අවස්ථාවාදී දේශපාලනඥයින් ඔවුන්ගේ උත්තුoග කැපවීම් මත ලැබූ ජයග්‍රහණ නින්දනීය ලෙස සිල්ලරට විකුණමින් බල දේශපාලනයේ යෙදෙයි. මේ සියල්ලම එසේ සිදුවෙද්දී ඔවුන් මේ දිනවල අයහපත් කාලගුණ තත්වයට ගොදුරුව තිබෙන උතුරු පළාතේ තවදුරටත් ජීවිත බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි. දරුවනි .......... ඔබ සැමට නිදුක් නිරෝගී සුව දිවියක්ම අත් වෙවා..... චන්න කරුණාරත්න ගේ ෆේස්බුකියෙන්....... ....


අදහස්

19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0