පරිසර ඇමති සිංහරාජය විනාශ කරනවා - වනාන්තර විනාශය දෙස ජාතිවාදී ඇසින් බලන්න එපා - අපි එකතුවෙලා පරිසරය රකිමු

Click to
follow

වනාන්තර විනාශය දෙස ජාතිවාදී ඇසින් බලන්න එපා අපි හැමෝම එකතු වෙලා මේ පරිසරය රැක ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර පවසයි. අද 24 පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මාධ්‍ය හමුව සදහා වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින් වන සිතාරා කුලරත්න සහ  රවිදු ගිහාන් සම්බන්ධවිය.

විල්පත්තු විනාශය විතරක් නෙමෙයි සිංහරාජ වනාන්තරය විනාශ කරනවා හැබැයි විල්පත්තු විනාශය පේන අයට සිංහරාජ වනාන්තරය විනාශ කරනවා පේන්නේ නෑ සිංහරාජයේ කියන්නෙත් විල්පත්තුව කියන්නෙත් ලංකාවෙ තියෙන ආරක්ෂා කළ යුතු ප්‍රධාන වනාන්තර.සිංහරාජ වනාන්තරය විනාශ කිරීමේ ව්‍යාපෘතිය භාරව ඉන්නේ පරිසර අමාත්‍යාංශය. ඉතින් අපේ රටේ පරිසර ඇමති කවුද ? රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතුමා මේ වනාන්තර විනාශයන් පිළිබදව වගකීම භාර ගන්න ඕන. එතුමා මේ වනාන්තර විනාශයන් පිළිබදව ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බවත් ලහිරු වීරසේකර පවසයි.

 

වැඩි දුරටත් අදහස් දැක්වු ලහිරු වීරසේකර

 

  පරිසර ඇමැති කවුද පරිසර ඇමති මේ රටේ විධායක ජනාධිපතිවරයා වෙච්ච මෛත්‍රීපාල සිරිසේන   මහත්තය , පහුගිය දවසක මොකක්ද කිව්වේ ඊයෙ පෙරේදත් අපි දැක්කා කියනවා විල්පත්තුවේ එක බිම් අඟලක්වත් කපල නෑ කියලා දැන් එතකොට අපි විල්පත්තුව කපන්නේ.අන්තර් ජාලය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විල්පත්තු විනාශය ගැන ලොකු කතිකාවක් යලිත් ඇතිවෙලා තියනවා.හැබැයි මේ විල්පත්තු ප්‍රශ්ණයට නායකත්වය දෙන සමහර චරිත ජාතිවාදී උවමනාවෙන් කටයුතු කරන්නේ.

ජාතිවාදී වෙලා විල්පත්තු ප්‍රශ්ණය ගන්න බොහෝ අය ඉෂ්ඨ කරන්නේ මේ විල්පත්තුව කපලා විනාශ කරන්න හදන අයගේ අරමුණයි.තවත් අය කියනවා මේ විල්පත්තු මහා වනාන්තරය විනාශ කරලා ජනතාව පදිංචි කරන්නේ ඔවුන් යුද්ධයෙන් අවතැන් වුනු ජනතාවක් නිසා. මේ ඔවුන්ගේ මුල් ඉඩම් ඒක නිසයි මේ විල්පත්තු වනය විනාශ කරලා පදිංචි කරන්නේ කියලා.

අපි කියනවා මේ දෙකම වැරදියි කියලා.ජාතිවාදී වෙලා රිෂාඩ් බදුර්දීන් විල්පත්තු කපන නිසා විරුද්ධ වෙන අයට කියන්න තියෙන්නේ මේ වියාපෘති ගෙනාවේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂලා.2030 වෙද්දී සම්පුර්ණ කරන්න නියමිත ජාතික බෞතික සැලැස්ම කියන එක මහින්ද රාජපක්ෂ පටන් ගත්තු වියාපෘතියක්.ඒ වියාපෘතියට ලෝක බැංකුව , ජාත්යන්තර මුලය අරමුද සහ ජාත්යන්තරය සම්බන්ධ වෙච්ච වියාපෘතියක්.මේ ජාතික බෞතික සැලැස්ම කියන එක අරගෙන බලන්න මේ අධිවේගී මාර්ග දුම් රිය මාර්ග සියල්ල ඉදි වෙන්නේ 2030 ක්‍රියාත්මක වෙන ජාතික බෞතික සැලැස්මට අනුව.ඒ ජාතික බෞතික සැලැස්මට අනුව විල්පත්තුව කපන්න ඕන.ඒක තමයි ඇත්ත කතාව.යුද්ධයෙන් අවතැන් වෙච්ච අයව මේ කැලේ කපලා පදිංචි කරනවා කියන කතාවට අපිට කියන්න තියෙන්නේ ඇයි මේ මිනිස්සුන්ව කැලේකට ගෙනල්ලා පදිංචි කරන්නේ. ඔවුන්ට ජීවත් වෙන්න හොද පරිසරයක ඇයි ඔවුන්ව පදිංචි කරන්නේ නැත්තේ ?

සිංහරාජ වනාන්තරය විනාශ කරනවා හැබැයි විල්පත්තු විනාශය පේන අයට සිංහරාජ වනාන්තරය විනාශ කරනවා පේන්නේ නෑ .සිංහරාජ වනාන්තරය විනාශ කිරීමේ ව්‍යාපෘතිය භාරව ඉන්නේ පරිසර අමාත්‍යාංශය. ඉතින් අපේ රටේ පරිසර ඇමති කවුද ? රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතුමා මේ වනාන්තර විනාශයන් පිළිබදව වගකීම භාර ගන්න ඕන.සිංහරාජ වනාන්තරය මැද්දේ දැවැන්ත පාරක් කපනවා. ලෝක බැංකු ආධාර ජාත්යන්තර මුලය අරමුදලේ ආධාර තමයි මේකට හම්බ වෙන්නේ.

පරිසර ඇමති වෙච්ච මේ රටේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමයි අපි චෝදනා කරන්නේ. ඔහු වහාම හෙළිදරව් කල යුතුයි සිංහරාජේ කපන්නේ කවුද ? සිංහරාජේ මොකද වෙන්නේ ? මෛත්‍රීපාල සිරිසේන කියන විදිහට විල්පතුතුව කපලා නැත්නම් විල්පත්තුවේ මොකද වෙන්නේ ?

Image may contain: 3 people, beardImage may contain: 3 peopleImage may contain: 3 people

 

 

 

 

 

 

 

....


අදහස්

2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0