විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනය - ජනතා බලාපොරොත්තුව

Click to
follow
දැනට ලැබෙන අළුත්ම තොරතුරු වලට අනුව විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පාර්ලිමේනිතුවේ සම්මත කරගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රම සිංහ හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන තිදෙනාම යම් එකඟතාවයකට පැමිණි ඇති බව වරතාවෙ එසේම චම්පික රණවක අමාත්‍යවරයාගේ අදහසකට අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ලාංකික ජනතාවට දැනුම් දෙන්නේ පසුගිය වකවානු වල සිදුවුණු සියළු සිදුවීම් අමතක කර දමා නව ගමනකට සියළු දෙනාම සූදානම් විය යුතු බවයි. මෙම කාරණා දෙකේ මුල් කරුණ ගැන මුලින් සඳහන් කළ හොත් විසිවන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතාව අපේුක්‍ෂා කරන ප‍්‍රධාන කාරණය වන විධායක බලතල ඉවත් කළ හැකිය යන්න අප විශේෂයෙන් සාකචිඡුාවට ගත යුතුය.
මන්ද ලාංකීය සමාජයට විධායකයේ අනිසි බලපෑම අත්දැකීමට සිදු වූයේ 1978 පළමු ජනරජ ව්‍යාවස්ථාව මගින් ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ධූරයට පෙර එනම් 1972 ප‍්‍රථම ජනරජ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගිනි.  එවකට විධායකය වූයේ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. මැතිවරණ කල් දැමීම පුවත්පත් කාර්යාලවලට සිල් තැබීම ඇතුළු තවත් ජනතා විරෝධී අණපනත් ගෙන ඒම ආදිය ඉන් සමහරකි. ඇත්ත වශයෙන්ම 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් කැබිනට් ඒකාධිපතිත්වයක් ගොඩනැගුනේ ඊට පෙර පැවති සෝල්බරි ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් කැබිනට් ඒකාධිපතිත්වයක් වැලැක්වීම සඳහා අධිකරණය වෙත පිරිනමා තිබුණු ව්‍යවස්ථා ප‍්‍රතිනිරීක්‍ෂණ බලය අහෝසි කිරිම තුළිනි.  1972 පළමු ජන රජ ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිනිරීක්‍ෂණ බලය අහෝසි කර කැබිනට් ඒකාධිපතිත්වයක් තුළින් අගමැති ධූරය වටා බලය සංකේන්ද්‍රනය කිරිමට කටයුතු කර ඇති බව දක්නට ලැබෙි. ඒවාගේම 1972 ව්‍යවස්ථාව මගින් අගමැති හා කැබිනට් මණ්ඩලයට ඒකාධිපතිත්වය ගොඩ නැගුනද  එය වෙනස්කිරිමට දේශපාලන හැකියාවක් යම් ආකාරයකට පාර්ලිමේන්තුවට හිමිවී තිබුණි. එවැනි සුළු ඉඩකඩක්වත් 1978 ව්‍යවසථාවේ නැති බව පෙන්වා දිය යුතුය. ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාව හුදු වාක්‍යයක් පමණක් බව අප අත්දැකිමෙන් දන්නා කරුණකි. නමුත් 1972 මෙන්ම 1978 ද විවිධ ආකාරයට විධායක බලය ක‍්‍රියාත්මක විය.
අනෙක් අතට 20 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය මගින් සිදුවනුයේ සුළු ජාතිකයන්ට ජනාධිපතිවරණයේදි තමාගේ ඡුන්දය කේවල් කරිමට ඇති හැකියාව අහෝසිවී යාමත් එමගින් සුළු ජාතිකයන් නොතෙකා වැඩ කිරිමට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවට යම් හැකියාවක් ඇතිවීමේ අවදානමක්ද පවතී . ඒවාගේම යටකි ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල  නායකයින් තිදෙනාමට නැවත වරක් ජනාධිපතිවරයෙක් වශයෙන් පත්වීමට ඇති ඉඩකඩ සිමීත බැවින් මෙය වෙනත් වටයකින් එතැනට පැමිණිමට ගන්නා උත්සාහයක් බව පෙන්වා දිය යුතුය. එබැවින් කළ යුත්තේ ලාංකීය ජනතාවගේ සියළු අයිතීන් ආරක්‍ෂාවන පරිදි නව ආණුඩක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමයි.  පසුගිය වකවානුවේදී ආණුඩක‍්‍රම ව්‍යාවස්ථා මණ්ඩලය  ඉදිරිපත් කරන ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනු කමිටු වාර්තාව ද බරපතල ප‍්‍රශ්න ගණනාවක් ඇති බව බොහෝ දෙනාගේ කතාබහට ලක්කරනු ලැබූ කරුණකි.බලය බෙදා හැරීම සම්බන්ධවද කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයද මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයට පටහැනිව ඉදිරිපත් කර තිබු කොටස් ද ජීවත්වීමේ අයිතිය  ඊට ඇතුළත් කර නොමැති බවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරිම ආදිය ගැනද ඇතිවූ අඩුපාඩු නිවැරදි කරගෙන විෂේශයෙන් ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දී සුළු ජාතිකයන්ට පිළිගත හැකි ආකාරයේ බලය බෙදිමක් ඇතුළත් කර විධායක බලතල අහෝසි කිරිමට හැකි එකක් විය යුතුය. අනෙක් කාරණයසාකච්ඡුා කිරිමට ප‍්‍රථම තව දෙයක් කියයුතුව ඇත. එනම් නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කල පමණින් රටෙහි සියළු ප‍්‍රශ්න විසදේවි යන අදහස හාස්‍යයට කරුණක් වන නමුත් ධනේෂ්වර ප‍්‍රජාතන්තී‍්‍රීය ප‍්‍රතිසංස්කරණ වලට ළගා වීමට හැකිවීමද යම් ආකාරයක ජයග‍්‍රහණයක් බවත් පෙන්වා දිය යුතුය.  
අනෙක් කාරණයට යොමුවෙනවානම් මෙරට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කරන්නේ පසුගිය වකවානුවේ සිදුවූ සියළු සිදුවීම් අමතක කර දමා නව ගමනක් යාමට සියළු දෙනා එක් විය යුතුය යන්න ප‍්‍රශ්න ගණනාවක් පැන නගින අදහසකි. මන්ද පසුගිය වකවානුවේ ජීවිත අහිමිවුවන් අතුරුදහන් කරනු ලැබු සියළු දෙනා ආබාධයට පත්වී ඇති අය මෙන්ම දේපළ හානි ආදි සිදුවු සියළු දෙනාටම මෙමගින්  එම සිදුවීම් අමතක කර දමන ලෙස ඉල්ලා සිටී. අපට අග‍්‍රාමාත්‍යවරයාට කියා සිටින්නට සිදුවන්නේ  ජීවිත අහිමිවුවන් ජීවිතද ආබාධයට පත්වූ ශරීරයේ අවයවද විනාශයට පත්වු දේපළද නැවත ලබා දිමට ඔහුට හැකියාවක් ඇත්නම් එය කළ හැකි බවයි. අග‍්‍රාමාත්‍යවරයාට එය කල නොහැකි දෙයක් බැවින් එම ප‍්‍රකාශය ඉල්ලා අස් කරගෙන එම ජනතාවට සාධාරනය ඉෂ්ට කළ යුතුය යන්නයි. අනෙක් අතට එය තීරණය කළ යුත්තේ පීඩවට පත්වූ ජනයයාි. එසේ නොමැතිව මෙම විනාශයට අනුබල දුන් පුද්ගලයන් හෝ එය නොදැක්කාසේ සිටි පුද්ගලයන්ට එසේ කිමට කිසිම අයිතියක් නැත. මේ ගැන මා මිත‍්‍ර බී.බී.සී.හි හිටපු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදි ඥාණසිරි කොත්ත’ිගොඩ සහෝදරයා මා සමග වරක් පැවසුවේ කෙනෙක් තව කෙනෙකුට පහර දි  පහරදුන් පුද්ගලයා උසාවියට ගිහින් සාමදාන වීමට ඉල්ලා සිටීම  මෙයට සමාන බවයි. එම තිරණය ගත යුත්තේ අගතියට පත් පුද්ගලයා විනා අන් කිසිවෙක් නොවේ. යහපාලනයක් ගෙනෙන බවට ජනතාවට පොරොන්දු වී සියළු දෙනාට සාධාරණය ඉෂ්ට කරන බව කියා බලයට පත්වූ මේ ආණ්ඩුව කිවයුතුව ඇත්තේ 2015 මැතිවරණ පොරොන්දු වරතමානයේ හෝ ඉෂ්ට කිරිම හැර වෙනයම් දෙයක්  ජනතාව බලා පොරොත්තු නොවන බවයි.
 
- චන්දිම ගුණසේකර
 
....


අදහස්

5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0