සියලු දේ ආපහු හරවන එක එතරම් දුෂ්කර නෑ

Click to
follow

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තියෙන්නෙ "පහන ළඟයි - ආලෝකෙ දුරයි" මාදිලියේ අවුල් කිහිපයක් ... ඒවා හදාගන්න බැරි අවුල් නෙමෙයි කොහෙත්ම.... සුළු කැප කිරීමකින් සියලු දේ උඩු යටිකුරු කරන්න පුලුවන් ....

පසුගිය අවුරුදු දෙක තුනක කාළය තුළ ශ්‍රී ලංකාව විදෙස් සංචාර වලදි සෙල්ලම් කරපු සීමිත ඕවර ක්‍රිකට් තරඟ වල අවස්ථා රැසකදි පේන්න තිබුණු දේ තමයි, හොඳින් අභියෝගයක් ලෙස ගොඩ නගාගෙන ආපු තරඟය, කුමක් හෝ "එක දෙයක්" මදි වීම නිසා මඟදි පාර වැරදිලා පරාජය කරා යන එක.....අපි මේක ශ්‍රී ලංකාවේ එංගලන්ත, දකුණු අප්‍රිකා සංචාර වලදිත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයෙදිත් දැක්කා.....බොහෝ විට මේ "එක දෙය"

- එක පන්දු යවන්නෙකුට එක ඕවරයකදී හෝ දෙකකදී වැඩිපුර ලකුණු වදින එක වෙන්න පුලුවන්
- නැත්තන් මැද පෙළදි ලැබිය යුතුව තිබූ "තව එක ලකුණු පනහේ සබඳතාවයක්" නොලැබීම වෙන්න පුලුවන්....

මේ තරඟයෙදි ප්‍රදීප්ට ලකුණු 18 (? ) වැදුණු ඕවරය අනිත් ඕවර වගේම ලකුණු 6 -7 සීමාවේ තියාගන්න පුලුවන් උනා නම් ( සහ ප්‍රදීප් සමස්ථයක් ලෙස මීට වඩා ලකුණු විස්සක් අඩුවෙන් දුන්නා නම් ) ඔස්ට්‍රේලියානු ඉලක්කය 320 ට වඩා මෙහා පැත්තට එනවා....එහෙම ආවා නම්, අපි ගත්තු ආරම්භයේ හැටියට තරඟයේ මැද ඕවර වලදි මීට වඩා අඩු පීඩනයක් ඇතුව සෙල්ලම් කරන්න තිබුණා.....

( එක දෙයක් .... මේ තරඟය සම්බන්ධ කරලා අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ථ ක්‍රියාන්විතය ගැන කථා කරන එක එතරම් සාධාරණ නෑ.... මොකද ඔස්ට්‍රේලියාව ලොව ඉහළම කන්සිස්ටන්සි එකක් තියෙන ටීම් එකක්....මිෂෙල් ස්ටාක් වගේ අවශ්‍ය මොහොතට, ප්‍රතිවාදීන්ගේ රන් චේස් එකක් ගිල්ලවන්න "එස්ට්‍රෝඩිනරි පර්ෆෝමන්ස්" දෙන පන්දු යවන්නෝ ඔවුන්ට ඉන්නවා.....ලංකාවට මාලිංග වගේ.....ප්‍රතිවාදීන්ට ලොකු "ෆියර් සයිකොසි" එකක් ඇති කරලා, ඒ තුළ ඔවුන් ලොකු ආතතියකට පත් කරලා, විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ගමන අවුල් කරන්න මේ වගේ නිර්දය පන්දු යවන්නන්ට පුලුවන්.... ඔවුන්ව වෙනම හදාරලා, ඔවුන්ට ටැක්ල් කරන්න වෙනම උපාය සහිතව කණ්ඩායම් තරඟයට යන්න ඕන..... ඉන්දියාව මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ආකාරය පසුගිය තරඟයේදි සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙදිත්, ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයෙදිත් අපි දුටුවා )

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ, පසුගිය වසර දෙකක කාළය තිස්සේම අසාර්ථකයි.....!.....

මේක තමයි අපේ පරාජයේ ප්‍රබලම සාධකය.....අපිට හොඳ "ඇන්කර්මෑන්" කෙනෙක් නෑ.....

ඉණිමක් මැද පෙළදි අල්ලගෙන, නැංගුරම දාලා, ඉස්සරහට අරගෙන යන ක්‍රීඩකයන් අතුරින් මම දැකපු "අපේ කාළයේ හොඳම අය" තමයි ලංකාවේම හෂාන් තිලකරත්න, ඉන්දියාවේ විනෝද් කම්බ්ලි, කොදෙව්වන්ගේ කීත් ආතර්ටන්, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණි, ඔස්ට්‍රේලියාවේ මාක් සහ ස්ටීව් වෝ සහෝදරවරු.... දිගටම පහ, හය සෙල්ලම් කරපු අය.....මේ අයගෙන් හොඳම කෙනා හැටියට මම නම් තෝරන්නේ දෝණි....!....අනිත් අයට තමන්ගෙ ඉණිම කඩා වැටෙන එක නවත්තගෙන වෙනත් ක්‍රීඩකයන් ඒකරාශී කරගන්න පුලුවන්.... දෝණිට කඩා වැටීම වළක්වගෙන, අනෙක් පස සිටින ක්‍රීඩකයන්ගේ පීඩනය තමන්ගේ කරට ගෙන, තරඟය තනිවම ජයග්‍රහණය කරා ගෙනියන්නත් පුලුවන්.... !.... තව සචින්, ලාරා, ඩිල්ෂාන්, සංගා, මහේල, සනත්, අරවින්ද, ගිල්ක්‍රිස්ට් ආදී සියලුම සුපිරි ක්‍රීඩකයන් යම් කළෙක මැද පෙළ ගහලා, ඉහළට ගියපු ක්‍රීඩකයන් තමයි.....නමුත් ඔවුන්ට වඩා ඉහත කියපු ක්‍රීඩකයන්ගේ නම් මැදපෙළ එක්ක අනන්‍යවෙලා තමයි අපිට මතකයට එන්නෙ....

ඔවුන්ගේ තියෙන විශේෂත්වය තමයි, මුල් පෙළ පිතිකරුවන් යම් මට්ටමකට තරඟය ගෙනත් දුන්නාම, තරඟයේ අවසාන භාගයේදී ප්‍රතිවාදීන්ට යම් පීඩනයක් එල්ලවෙන ආකාරයට, එහෙම එල්ලවෙලා ඔවුන් අතිනුත් යම් වැරදි සිදුවෙන තරමට, තරඟයේ ඉතිරි කොටස නිවැරදිව පෙළ ගස්වලා ඇදගෙන යන එක..... ඒක බොහෝ විට විශාල දායකත්වයකට වඩා, රන්චේස් එකකදි 6 වැනි හෝ 7 වැනි විකට්ටුව වෙනුවෙන් දාන ලකුණු 40 - 50 ක සබඳතාවයක් වෙන්න පුලුවන්.....ලොකු රන් චේස් එකකදි 6 වෙනි විකට්ටුව වෙනුවෙන් ලකුණු 60 ක් වගේ දාන එක වෙන්න පුලුවන්......අන්න ඒ "තවත් එක සබඳතාවය" ශ්‍රී ලංකා පිළේ හරියට වැටෙන්නෙ නෑ.....!.....පසුගිය අවුරුදු දෙක පුරාවටම පරාජය හුඟක් තරඟ අන්න ඒ අඩුව නිසාම පරාජය වෙන බව පේන්න තියෙනවා......ආරම්භයේදී ඉලක්කය අතේ දුරින් තියෙනවා.....ගොඩ නගා ගත යුතු යමක් ඒ වෙනුවෙන් ගොඩ නගා ගන්නවා.... අන්තිමට පරාජය ලබනවා......අවසානයේදී හැරිලා බැලුවාම තව "එක ලකුණු පනහක පාට්නර්ෂිප් එකක්" කොහෙන් හරි වැටුණා නම් දිනන්න තිබුණා කියලා හිතෙනවා......

ශ්‍රී ලංකාව කෙසේ හෝ 4,5,6 තුන් දෙනාගෙන් එක්කෙනෙකු හෝ මුල් පෙළ පිතිකරුවෙක්ට අනගි සහායක් දෙන තැනකට හෝ, නැත්තන් ඔවුනොවුන් අතරෙ "තව එක" ලකුණු 50 - 60 පාට්නර්ෂිප් එකක් දාන්න පුලුවන් තැනකට ගේන්න ඕන.....!.....ඒ වගේම 4,5,6,7 සුපුරුදු පෙරහැර යෑම මොනවා කරල හරි නවත්තන්න ඕන.....ඒක සාර්ථකව කර ගත්තොත් තරඟ දිනන එක එතරම්ම අමාරු දෙයක් නෙමෙයි......!....

අද ශ්‍රී ලංකා කණ්ඩායම ලබපු පරාජය වගේ පරාජයන් අනන්ත අප්‍රමාණව සංගලා, මහේලලා, මුරලිලා, ඩිල්ෂාන්ලා, මාවන්ලා හිටපු කාළවලදිත් ලබලා තියෙනවා.....!....ඒක ගැන එච්චර දුක් වෙන්න දෙයක් නෑ.....!.....උපරිම "කන්සිස්ටන්සි" එකක් තියෙන බැටින් අවුට්ෆිට් එකක් ඉන්න ඔස්ට්‍රේලියාව ( සහ මෙවර එංගලන්තය ) වගේ රටවල් හැර, අනෙක් ඕනම රටක් 330+ ටාගට් එකක් චේස් කරනකොට බොහෝවිට ඉවර වෙන්නේ 240 - 270 රේන්ජ් එකේ තමයි......!.....අද මොනවා උනත් අපි ශ්‍රී ලංකා ටීම් එක "සෙල්ලම් කරනවා" දැක්කා.....!....නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමග තිබුණු තරඟ වලදි තිබුණෙ බය හිතෙන විදියෙ අසරණ ක්‍රීඩා විලාශයක්.....!.....

මැද පෙළ හරියට ඇන්කර් කර ගත්තොත්, මේ සියලු දේ ආපහු හරවන එක එතරම් දුෂ්කර දෙයක් නෙමෙයි.....!....

Damith kethaka

....


අදහස්

4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0