ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වන ස්ථානය හිමි කර ගත් අපේ දියණියන්

Click to
follow

11වන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකර ගත් ශ්‍රි ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ඊයේ (08) යළි දිවයිනට පැමිණියේය.

11වන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට කණ්ඩායම් 11ක් එක්ව සිටි අතර  තරගාවලිය පැවැත්වුනේ ජපානයේදියි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර එහිදී මැලේසියා කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

අනතුරුව පැවති තුන්වන ස්ථානය සඳහා වූ තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ලකුණු 75ට 49ක් ලෙසයි.

තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකර ගත් ශ්‍රි ලංකා කණ්ඩායම පිලිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාශ නිලධාරින් ඇතුළු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටියේය.

....


අදහස්

4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0