පොලිස් පහර දීමෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට තුවාල - මේ පහර දීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා -ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

Click to
follow

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද 30 මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ ඊයේ 29 රැකියා විරහිත උපාධිධාරීන්ට පොලිසිය සිදුකල පහර දීමෙන් රැකියා විරහිත උපාධිධාරීන් පස් දෙනෙක් තුවාල ලබා ඇති බවයි .

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් මේ බව පවසා සිටියා 

තැන්නේ ඥානානන්ද හිමි

රැකියා විරහිත ගැටළුවට විසදුම් ලබා ගන්න අපි ඊයේ 29 කොළඹට ආවේ.අපි  ලේකම්වරු තොගයක් එක්ක මේ ප්‍රශ්ණය ගැන කතාකලා.ජනාධිපති අගමැති ඇතුළු අමාතයාංශ බළධාරීන් අවස්ථා ගනනාවකදීම ලිපි මගින් දැනුවත් කලා.මේ කිසිම කෙනෙක් රැකියා විරහිත ගැටළුව පිළිබදව නිසි විසදුමක් ලබා දුන්නේ නෑ. ඊයේ 29 අපි අපේ ගැටළු වලට විසදුම් ලබා ගන්න විරෝධතා පාගමනක් සංවිධානය කලා.ඒ විරෝධතා පාගමනට කැරළිමර්දන ඒකකය යෙදෙවුවා , පොලීසිය යෙදෙවුවා , අවසානයේ එස් ටී එෆ් අංශ පවා යොදවලා අපිට පහර දුන්නා බැටන් ප්‍රහාර කදුළු ගෑස් ප්‍රහාර ජල ප්‍රහාර වලින් තමයි අපිට උත්තර දුන්නේ.අපි ඉල්ලුවේ සාකච්චාවක් අපි කලබල කරන්න ගියේ නෑ.රැකියා ගැටළුවට විසදුම් ලබා ගන්න ආපු අපේ අය පස් දෙනෙක් තුවාල ලැබුවා.කරාපිටිය රෝහලේ ශාමා දිල්රුක්ෂි ප්‍රථිකාර ලබනවා.ඇගේ කන් බෙරයට හානි සිදුවෙලා.ඇයට සිදුවුනු පහර දීමට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා.

....


අදහස්

9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0