සිංහයින්ට ලකුණු 122ක ජයක්

Click to
follow

මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණි.

ඒ බංග්ලාදේශය සමඟ පැවැති තරග 3කින් සමන්විත් එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගයත් ලකුණු 122කින් ජය ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණි.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් රැස් කළේය.

පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් ලකුනු 56කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.

ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 172ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් රැස් කළේය.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගත්තේය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

....


අදහස්

16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0