ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම අපි ධනාත්මක ලෙස දකිනවා

Click to
follow

ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙන අයට උදව් කර කර ඉන්නෙ නැතුව තමන්ගේ පක්ෂය මැදිහත් වෙලා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ගත්තු තීරණය ඉතාම ධනාත්මක තීරණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ 2005 දී මහින්දට උදව් කරා.2010දී සරත් ෆොන්සේකාට උදව් කරා 2015 මෛත්‍රිපාල සිරිසේනට උදව් කරා දැන් යන්තම් ඒ ගොල්ලන්ට හිතිලා තියෙනවා දැන් අපි එන්න ඕන කියලා ..අපි හිතනවා ඒක ධනාත්මක කරුණක්  කියලා.ජනතා විමුක්ති පෙරමුණ එක එක නිර්දේශපාලනික ලිබරල් එක එක හාදයෝ පොදු අපේක්ෂකයෝ කියලා දාන්නේ නැතිව තමන්ගේ පක්ෂයේ  වගකිවයුත්තෙක් ව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දැමීම අපි හිතනවා ධනාත්මක කාරණයක් කියලා.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගෝල්ෆේස් එකේ හදන රැල්ලේ  ඇත්ත දේශපාලණ  ප්‍රතිපත්තිය මොකක්ද ?

ඒ වේදිකාවේ ඉන්න අය  කියන කතා සහ  ගෝල්ෆේස් පිටියට පැමිණි ජනතාවගේ ප්‍රශ්න අතර ඉතා බරපතළ වෙනස්කමක් තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි වේදිකාවේ කියන්නේ . ජනතා විමුක්ති පෙරමුණ හදපු වේදිකාවේ කිව්ව හොරු අල්ලනවා කියලා හොරකං කරන්නෑ හොරු අල්ලනවා කියලා 2015 කියපු එකමයි දෙවැනි එක කිව්වා වෘත්තිකයෝ ටික එකතුවෙලා රට හදනවා කියලා.ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුමේ  ප්‍රශ්නයක් නෙමේ රාජ්‍ය දේශපාලන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක් තියෙන්නේ . දේශපාලන ප්‍රතිපත්ති වලට කරන්නේ මොකක්ද කියන එක ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ගෝඨාභය කියපු කතාවයි එදා බදුල්ලේදී සජිත් ප්‍රේමදාස කියපු කතාවයි ගාලු මුවදොර පිටියේදී කියපු අයගේ කතාවෙි ්‍රතිපත්ති වල ලොකු වෙනසක් නෑ.ජනතා විමුක්ති පෙරමුණ මේ කරන්න යන්නේ චැම්පියන්  කෙනෙක් බිහි කරන්න යන එක.ප්‍රතිපත්ති ගැන කතාවක් නෑ...

....


අදහස්

17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0