ඇමර්සන් වනාන්තරය ගිනි ගනියි

Click to
follow

වාර්තාගත ආකාරයෙන් ඉහළ යමින් පවතින බ්‍රසීලය ආශ්‍රිත ඇමර්සන් වනාන්තරයේ හටගෙන ඇති ගිනිගැනීම් තත්ත්වයන් දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.

බ්‍රසීලයේ මේ වසර තුළ වනාන්තර ගිනි ගැනීමේ සිද්ධීන් 72,843ක් වාර්තා වී ඇති අතර ඉන් අඩකට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමර්සන් වනාන්තර පද්ධතිය ආශ්‍රිතව බව ඔවුන් පෙන්වා දෙයි.

මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 80ක වැඩිවීමක් බව විද්‍යාඥයින් පවසයි.

ඇමර්සන් වනාන්තර පද්ධතිය දකුණු අමෙරිකානු රටවල් කිහිපයක් ආශ්‍රිතව පැතිර පවතින නමුත් ඉන් තුනෙන් දෙකකට වැඩි භූමි ප්‍රදේශයක් අයත්වන්නේ බ්‍රසීලයටයි.

පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් සපුරන මෙම වනාන්තර පද්ධතිය ලොව විශාලතම වැසි වනාන්තර පද්ධතිය ලෙස සැලකෙන අතර එය සතුන් සහ ශාක විශේෂ ගණනයක කළ නොහැකි සංඛ්‍යාවක නිවහන බවට පත්ව තිබේ.

Image result for Amazon burningImage result for Amazon burningImage result for Amazon burning

 

....


අදහස්

1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0