ඉලෙක්ට්‍රොකික දුම්වැටි භාවිත කර මියගිය පළමු රෝගියා ඇමරිකාවෙන්

Click to
follow

ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරීමෙන් හටගත් ශ්වසන රෝගයකින් ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙය ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතකිරීමෙන් හටගත් ශ්වසන රෝගයකින් පුද්ගලයෙකු මියගිය පළමු අවස්ථාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කිරීමෙන් දරුණු ශ්වසන රෝග වැළදී ඇති වයස අවුරුදු 17 ත් 38 ත් අතර පසුවන පුද්ගලයන් 22ක් වාර්තා වී තිබේ.

ඇමරිකාවේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාන්ත 22ක් පුරා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කිරීමෙන් රෝග වැළදී ඇති බවට සැකකෙරෙන සිද්ධීන් 193ක් පමණ වාර්තා වී ඇති බවය.

....


අදහස්

9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0