ලංකාවේ සිට ගොස් ඇති බවට සැක ත්‍රස්ත සැකකරුවන් 5ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Click to
follow

ශ්‍රී ලංකාවේ සිට ඇතුළු වූ ත්‍රස්තවාදීන් බවට සැකකෙරෙන පුද්ගලයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්ථානය නිජ බිම කරගත් ලෂ්කාර් ඉ ටොයිබා නැමති ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයින් 6 දෙනෙකු මුහුදු මාර්ගය මගින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්නාඩු දක්වා සංක්‍රමණය වී ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කිරීමත් සමඟ එරට ආරක්ෂක අංශ විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණි. එම ත්‍රස්ත සැකකරුවන් අතර ශ්‍රී ලාංකික දමිළ මුස්ලිම් සම්භවයක් ඇති පස් දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු සිටින බව බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ඒ අනුව ගත වූ දින දෙක තුළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කේරළ හා කොයිම්බතූර් පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ප්‍රසිද්ධ ස්ථානවල සහ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධව විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතී.

....


අදහස්

4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0