ගෙදර මනුස්සයා එක්ක ප්‍රශ්න ඇති වුණා කියලා ගැහැණුන් ගණිකාවක් තත්ත්වයට වැටෙන්නේ නෑ

Click to
follow
මේ දිගහැරෙන් හැරෙන්නේ ඔබටත් මටත් එදිනෙදා ජීවිතයේ දී හමුවන තවත් එක් කාන්තාවකගේ සමාජ ජීවිතයෙන් බිඳකි
 
ඔයාගෙ නම කියන්න කැමතිද ?
මට කියන්නේ දිමුතු කියලා
ඒ ඇත්තම නම ද?
නැහැ ඒක නෙමෙයි ඒ උනාට හැමෝම මාව අඳුනන්නේ එහෙමයි
ගම්පළාත එහෙම කොහෙද?
හරියටම කියනවනම් සබරගමු පළාතේ. එහෙම කිව්වම ඇතිනේ. මොකද මීට ඉස්සර වෙලා ලංකාවේ ජනප්‍රිය පත්තරේකට මම මේ වගේම විස්තරයක් කියලා මට සෑහෙන ප්‍රශ්නයක් ඇති වුණා.
ප්‍රශ්නයක් කිව්වේ?
මේ කියන සිද්ධිය නම් වුණේ හරියටම දෙදහස් පහළොවේ දී. මගේ ගම් පළාතක විස්තර ටිකක් කිව්වා මට දුවකි පුතෙකුයි ඉන්නවා ඒ දෙන්නා කසාද බැඳල ඉන්නේ  මගේ විස්තරේ පත්තරේ ගියාට පස්සේ පුතාගේ යාලුවෙක් පුතාට කියලා තිබ්බා මේ කියලා තියෙන්නේ උඹලගේ අම්මා ගැන නේද කියලා. ඔන්න ඔතනදි ලොකු කතාබහක් ඇතිවුණා. පුතා දැන් ලංකාවෙත් නෑ එයා ලොකු කොම්පැනියක හොඳ රස්සාවක් කළේ.
හරි එහෙමනම් අපි වර්තමාන කතාවට එමු?
ඔව් මොනවද මගෙන් ගැන දැනගන්න ඕන. මම ගණිකාවක්, හැබැයි දැන් ඒ තුලම ක්‍රියාත්මක වෙන වෙනම සමිතියක් එක්ක මං වැඩ කටයුතු කරනවා.
මට කරුණු දෙකක් දැනගන්න ඕන.ඔබ ගණිකාවක් උනේ කොහොමද සහ මේ කියන සමිතිය  මොකක්ද කියලා?
හැමෝම කියන විදියට කවුරුත් මේ තත්වයට පත් වෙන්නේ සල්ලි ප්‍රශ්න නිසා. ආර්ථික සාධක තමයි මේකට් මුල් වෙන්නේ. ගෙදර මනුස්සයා එක්ක ප්‍රශ්න ඇති වුණා කියලා කවුරුත් ගණිකාවක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි ආදරේ අඩුවෙන් ලැබුනා කියලා කෙල්ලෙක් ගණිකාවක් වෙන්නේත් නෑ. මට උනේ මම සමාජයට විවෘත වුණා. මොකද මගේ මහත්තයා මාව දාලා ගියා. ඒ දවස් වල මම හරිම ලස්සනයි, පොත්ත රතු එකී කියලා තමයි ඉස්සර මට වැඩ දුන්න අය කිව්වේ. කොහොමහරි මම මේ තත්වෙට පත්වුණා
එතකොට මොකක්ද මේ සමිතියක් ගැන කිව්වේ?
මේක වීදි ගණිකාවන් විසින්ම පිහිටුවා ගත්ත සමිතියක්.  මොකද මේ ගොල්ලෝ දවල්ට ඉටිපන්දම් හදනවා, ප්ලාස්ටික් මල් හදනවා, හඳුන්කූරු හදනවා. ඔය විදියට මේ අය ස්වයං රැකියාවක යෙදෙනවා. ඒ සමිතියෙ සභාපතිනි විදියට තමයි මම කටයුතු කරන්නේ. සාමාන්‍ය මිනිස් කටවහර තියෙන්නෙ ඉතින් මේ ගොල්ලෝ ඇඟ විකුණන විකුණලා ජීවත් වෙනවා කියලා නේ. එහෙම නෑ ඒගොල්ලො තමන්ගෙ දහඩිය මහන්සියෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් සියයට සියයක්ම එහෙමයි කියලා මම කියන්නේ නෑ. මේ අතරේ එහෙම නැති අයත් ඉන්නවා.
එතකොට ඒ අය කරන නිෂ්පාදන වලින් මොනවද අන්තිමට සිද්ධ වෙන්නේ?
ඒවා සිද්ධ වෙන්නේ අනිත් දේවල් සිද්ධ වෙන සාමාන්‍ය විදියටම තමයි. මොකද මේවා නිෂ්පාදනය කරාට පස්සේ එක්කෙනෙක් ඉන්නවා ඇවිල්ලා ගන්න. එයා ගිහින් මේවා විකුනනවා. මේ ළමයි ගිහිල්ලා විකුණුවොත්නේ ඒක නිසියාකාරයෙන් කරගන්න බැරි වෙන්නෙ. අපි කරන්නේ නිෂ්පාදනය විතරයි වෙළඳාම සිද්ධ කරන්නේ තවත් පිරිසක්
මේ අවස්ථා වලදී මුකුත් ගැටලු එහෙම සිද්ධ වෙලා නැද්ද?
නෑ ඉතින් එහෙම සිද්ධ වෙන්න දෙයක් නෑනේ. ඔක්කොම තමන්ගේ අවශ්‍යතාවයට ඇවිල්ලා ඉන්නේ. ඒවා හදලා  විකුණුවොත් හැමෝටම කියක් හරි අතට එනවා. අනික ගැටලු ඇති වෙන්නේ නැති අවස්ථාත් නෑ. මොකද ඔක්කොම ඉන්නේ මිනිස්සුනේ. හැමතැනම වගේ සිද්ධ වෙන්නේ ඒක තමයි.
• අපි යමු දැන් ඔයාගේ අතීතයට ඒ ගැනත් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න කෝ ?
මේ වගේම ඉස්සරත් මම පත්තරේකට උත්තර දීල ලොකු අමාරුවක වැටුනා. ඒත් මට පුළුවන් ඉඩ ප්‍රමාණයේ ඉඳලා මම කියන්නම්.
• මම කෙලින්ම අහන්නම් ඔයාගේ ගාන කීයද?
ඉස්සරනම් පටන් ගත්තේ හරිම පොඩි ගානකින්. රුපියල් 500ට වගේ. ඒත් මට තියෙන ඉල්ලුමත් එක්ක ඒක 3000, 5000, 15000 වගේ ගණන් වලටත් මම බිස්නස් එක කරා
• දැන් තත්වෙ කොහොමද ?
දැන් නං මම ඒ රස්සාව කරන්නේ නෑ. ලස්සනට ඉන්න කං පොත්ත පාටට තියෙනකං  මේ රස්සාව කරන්න පුළුවන්. අනිත් එක ඉතින් මට දැන් ලොකු ළමයි ඉන්නවා. මේක නම් කොහොමත් කරන්න බෑ.
 
 
ඒ දවස්වල ඔයාගේ සමාජ පරිසරය හැදිලා තිබ්බෙ කොහොමද ?
සමාජ පරිසරයේ කතාවත් එක්කම ඔය අහනවා ඇත්තේ සමහර විට මං ගාවට ආපු මිනිස්සු කවුද කියලා වෙන්න ඇති.
ඔව් එක් අතකින් ඒ ප්‍රශ්නයේම  කොටසක් තමයි මේක?
මුල්ම කාලෙ නම් වෙන්න දෙයක් නැතුව හිටිය කුඩුකාරයෝ වගේ උනුත් ආවා, පොඩි කොල්ලොත් ආවා. මුලදීම වගේ පොඩි කොල්ලොත් එක්ක යන එක මම නතර කළා. මොකද මටත් පුතෙක් ඉන්න නිසා. ලමයි හදන්නනෙ මම මේ රස්සාවට පුරුදු වුණේ.
ඊට පස්සේ?
ඊට පස්සේ තමයි හොඳම අය මම ගාවට ආවේ. එතකොට තමයි මගේ මිලත් වැඩි වෙන්න පටන් ගත්තේ. අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, පොලිසියේ ලොකු මහත්තුරු. මැණික් මුදලාලිලා, කොටින්ම කියනවා නම් ලොකුම සල්ලි කාරයෝ තමයි මාත් එක්ක ආවෙ.
ඒ කියන්නේ පල්ලෙහා තැනම ඉඳලා ඒ ක්ෂෙත්‍රයේ යන්න පුළුවන් ඉහළම තැනකට ඔයා ආවා කියන එකද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒ දවස්වල මට හයියක් තිබුණා ළමයෙක් ඕනම ඉස්කෝලෙකට දාන්න වුණත්. ඒ වගේම තමයි කාටහරි පොලිසියේ ප්‍රශ්නයක් උනාම ඒකත් විසඳන්න මට පුළුවන්කමක් තිබුණා. මොකද මම ඒ හැමෝම අඳුරගෙන හිටියෙ.
එතකොට ඔයා කරන මේ රස්සාව ගැන පවුලේ හිතවතුන් එහෙම දැනගෙන හිටියේ නැද්ද?
නෑ කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඒ ගොල්ලන්ට මේ ගැන හොයන්න බලන්න වෙලාවක් තිබ්බෙත් නෑ. මොකද ඒගොල්ලෝත් ජීවත් වුණේ හරි අමාරු වෙන්නෙ. ඒ හින්ද ඒගොල්ලෝ එයාලගේ රස්සාව කරගෙන හිටියා. 
අවසාන වශයෙන් කියන්න මේ දේවල් වලින් ඔබට මොනවද ලැබුණේ කියලා?
මගේ මූලික අවශ්‍යතාවය වෙලා තිබ්බෙ දරුවෝ දෙන්නා හදාගන්න එක. මම ඕනවටත් වඩා ඉහළින් කළා. කොහොම හරි මේ දේවල් කරලා මම රත්නපුරයේ ගේකුත් හැදුවා. මම කිසි දේකින් දුක් වෙන්නේ නෑ. මොකද මම වරදක් කරලා නෑ. අපි ඔක්කොම මිනිස්සු.
....


අදහස්

16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0