ගුරු­කන්ද නා හිමිගේ චිත­කයේ ගිනි­දැ­ල්ව­ලින් පෙනුණ දෙමළ ජාති­වාදී ගෝත්‍රි­ක­ දේශ­පා­ල­නය

Click to
follow

මුල­තිව් ගුරු­කන්දේ ගින්න නිවෙ­මින් ඇත. ජාති­වා­ද­යෙන් සහ උග්‍ර ආග­ම්වා­ද­යෙන් ඇවි­ළුණු ගිනි­දැල් ක්‍රම­යෙන් නිවී ගියා සේ පෙනු­ණත් ගිනි­පු­පුරු තව­මත් මුල­තිව් නායාරූ ගුරු­කන්ද බිමේ වැලි යට සැඟ වී තිබේ.

යළිත් එම ගිනි­පු­පුරු සක්‍රීය වී මහා ගිනි ජාලා­වක් බවට පත් වන්නේ කුමන අව­ස්ථා­ව­ක­දීද යන්න කිසි­වෙ­කු­ටත් කිව නොහැ­කිය.

ගුරු­කන්ද රජ­මහා විහා­රය නමින් ප්‍රකට වූ බෞද්ධ විහා­ර­ස්ථා­නය පිහිටා තිබෙන්නේ මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ නායාරූ නීරා­වී­අඩි ප්‍රදේ­ශ­යේය. එම ස්ථානයේ ඇති බෞද්ධ නට­බුන් ප්‍රමා­ණය අති විශා­ලය.

ඒ ඓති­හා­සික බෞද්ධ සිද්ධ­ස්ථා­නය යුද්ධ­යත් සම­ගම ශාස්ත්‍රීය ලෝක­යෙන් ඈත් විණි. එහි නට­බුන් මේ තර­මට හෝ ආරක්ෂා වූයේ ආර­ක්ෂක අංශ මුල­තිව් නායාරූ පළාතේ කඳ­වුරු බැඳ­ගෙන සිටීම නිසාය.

මහා යුද්ධ­යෙන් පසුව ගුරු­කන්ද පුරාණ රජ­මහා විහා­රයේ විහා­රා­ධි­ප­තී­න්ව­හන්සේ හැටි­යට පැමි­ණෙන්නේ කොළඹ මේධා­ලං­කා­ර­කිත්ති හිමි­යෝය. ඒ දැනට වසර කීප­ය­කට ඉහ­ත­දීය.

උන්ව­හන්සේ එම ස්ථාන­යට පැමි­ණෙන විට පළාතේ හින්දු බැති­ම­තුන් පිරි­සක් විහා­ර­ස්ථා­න­යට යාබ­දව එම ඉඩ­මේම ගණ­දෙවි රූප­යක් තබා කුඩා කෝවි­ලක් ඉදි කර තිබිණි.

මේධා­ලං­කා­ර­කිත්ති හිමියෝ විහා­ර­ස්ථා­නයේ වැඩ­වා­සය කර­මින් මුල් දින­ව­ලදී විහා­ර­ස්ථා­නයේ බෞද්ධ ආග­මික කට­යුතු සිදු කරද්දී පළාතේ හින්දු බැති­මත්හු පැමිණ කෝවිලේ ගණ­දෙ­වි­යන් වැද පුදා ගත්හ. ඔවුන් ඒ කෝවි­ලට නම තබා තිබුණේ නීරා­වි­අඩි ගණ­පති කෝවිල වශ­යෙනි.

ආගම් දෙකක් අතර වූ ආග­මික සංහි­ඳි­යාව ඉතා මැන­වින් එම ස්ථානයේ පැව­තු­ණත් ඊට හරස් කැපුවේ පළාතේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යෝය. ඔවුන් කියා සිටියේ මේ ගුරු­කන්ද විහා­රය බෞද්ධ­යන්ට අයත් නැති හින්දු ජන­තා­වගේ දේව­ස්ථා­න­යක් පම­ණක් බවය. ඒ ප්‍රකා­ශය පද­නම් කර­ගෙන නායාරු පළාතේ ජන­තාව බල­හ­ත්කා­ර­යෙන් පාරට බැස්ස වූ දෙමළ දේශ­පා­ල­න­ඥයෝ මුල­තිව් ගුරු­කන්ද විහා­ර­ස්ථා­න­යට එරෙ­හි­වත් විහා­රා­ධි­පති හිමි­යන්ට එරෙ­හි­වත් උද්ඝෝ­ෂණ කර­න්නට වූහ.

මේ වසරේ ජන­වාරි 15 වැනි­දාට යෙදී තිබුණු තෛපොං­ගල් දිනය නිමි­ත්තෙන් ජන­වාරි 14 වැනිදා ගුරු­කන්ද විහා­ර­ස්ථා­න­යට නුදු­රින් පිහිටි ගණ­දෙවි කෝවිලේ පොංගල් උත්ස­ව­යක් පැවැ­ත්වෙද්දී දෙමළ දේශ­පා­ල­න­ඥ­යෝද ඊට සහ­භාගි වූහ. එදින මුල්ම වරට දෙපා­ර්ශ්වය අතර විශාල මත ගැටු­මක් ඇති විය.

අව­සා­න­යේදී ඒ ගැටුම මුල­තිව් පොලි­සි­යෙන් නතර නොවී මුල­තිව් අධි­ක­ර­ණය දක්වාම ගියේය. එහිදී පසු­ගි­යදා අප­වත් වූ කොළඹ මේධා­ලං­කා­ර­කිත්ති හිමි­යන් අධි­ක­ර­ණ­යට කියා සිටියේ මේ ස්ථානය පෞරා­ණික බෞද්ධ සිද්ධ­ස්ථා­න­යක් බවයි.

විහා­ර­ස්ථා­නය පිහිටි ස්ථාන­යට දළ­දාව වැඩ­මවා ඇති බවත් බුද්ධ වර්ෂ 244 සමයේ සිට සට­හන් විහා­ර­ස්ථා­නයේ පව­තින බවත් ගුරු­කන්ද පුරාණ රජ­මහා විහා­රයේ විහා­රා­ධි­පති කොළඹ මේධා­ලං­කා­ර­කිත්ති හිමියෝ එහිදී කියා සිටි­යහ.

2013 අගෝස්තු 16 වන දා නිකුත් කළ 1823/73 ගැසට් නිවේ­ද­නය අනුව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් අක්කර 93ක භූමි­යක් විහා­ර­ස්ථා­න­යට වෙන් කරනු ලැබ ඇතැයි උන්ව­හන්සේ සඳ­හන් කළහ.

නමුත් ඊට එරෙ­හිව අධි­ක­ර­ණ­යට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධා­නයේ මුල­තිව් දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්ම­ල­නා­දන් කියා සිටියේ, විහා­රය පිහිටි ස්ථානයේ හින්දු ජන­තා­වගේ වන්ද­නා­මා­න­යට ලක් වූ පාර­ම්ප­රික කෝවි­ලක් පිහිටි බවය.

මේ එකි­නෙ­කට පර­ස්පර වූ ප්‍රකාශ නිසා මුල­තිව් දිස්ත්‍රික් මහේ­ස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කළේ පුරා­වි­ද්‍යා­වට අනුව එම ස්ථානයේ අයි­තිය තහ­වුරු කරන ලෙසය. එසේ සිදු වී තීන්දු­වක් ලබා­දෙන තුරු එම ස්ථාන දෙකේම සංව­ර්ධන කට­යුතු සිදු කර­ගෙන යෑම නතර කරන ලෙසත් සාම­යට බාධා වන අන්ද­මට මත­භේද ඇති කර­ගැ­නීම නව­තන ලෙසත් විනි­සු­රු­ව­රයා නියෝග කළේය.

දෙපා­ර්ශ්ව­ය­ටම ඒ කරුණු අව­බෝධ කොට දී වගන්ති කීප­යක් ඇතු­ළත් බැදු­ම්ක­ර­ය­කට දෙපා­ර්ශ්ව­යෙන්ම අස්සන් ගත් අතර එම බැදු­ම්ක­රය වසර දෙක­හ­මා­රක් හෝ නඩුවේ තීන්දුව ලැබෙන තුරු හෝ යන කාරණා දෙකෙන් එකක් ඉටු වන තුරු ආරක්ෂා කළ යුතු බවට අධි­ක­ර­ණය දෙපා­ර්ශ්ව­යෙන්ම අත්සන් ලබා ගත්තේය.

නමුත් එදා සිටම මේ ස්ථානයේ ඇති වූයේ ගැටුම්ය. දෙපා­ර්ශ්ව­යම අධි­ක­ර­ණ­වල යළි යළි නඩු ගොනු කළේය. ඒවා විභාග වී ස්ථිර නඩු­තී­න්දු­වක් ප්‍රකා­ශ­යට පත් නොවූයේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අත­පසු වීමක් නිසාය.

නායක හිමි­යන්ගේ අප­වත් වීම

ගුරු­කන්ද රජ­මහා විහා­ර­ස්ථා­නයේ නායක හිමි අප­වත් වන්නේ මේ අත­ර­තු­රය. පිළිකා රෝග­යක් නිසා උන්ව­හන්සේ මහ­ර­ගම අපේක්ෂා රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසුව අප­වත් වූහ. උන්ව­හන්සේ අප­වත්වූ බව දැන­ගත් වහාම මුල­තිව් නීරා­වි­අඩි පළාතේ වැසි­යන් උසි ගැන්වූයේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යෝය. අප­වත් වී වදාළ හිමි­යන්ගේ දේහය විහා­ර­ස්ථා­න­යට වැඩම කර­වීම නතර කිරී­මට ඔවුහු සෑම උත්සා­හ­යක්ම ගත්හ.

මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ පරි­පා­ල­නයේ ඉහ­ළම තැන සිට දිසා­ප­ති­ව­රි­යට පවා කරුණු දක්ව­මින් මේධා­ලං­කා­ර­කිත්ති හිමි­යන්ගේ දේහය විහා­ර­ස්ථා­න­යට රැගෙන ඒම නව­තා­ල­න්නට සියලු විධි­වි­ධාන යෙදූහ.

ඒ සියල්ල අසා­ර්ථක වන බවක් දැකී­මෙන් පසුව ඔවුන් සිය­ලුම දෙනා මුල­තිව් පොලී­සිය වෙත ගොස් පැමි­ණි­ල්ලක් දමා කියා සිටියේ විහා­ර­ස්ථා­න­යට දේහය රැගෙන ඒමෙන් පළාතේ නීති­යට හා සාම­යට විශාල බාධා­වක් වන අන්දමේ සිදු වීම් විය හැකි බවයි.

පොලී­සිය එම කරුණු අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. පසුව අධි­ක­ර­ණය ඒ සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනීම සඳහා පසු දින­යේදී පාර්ශ්ව දෙක­ටම අධි­ක­ර­ණය හමු­වට පැමි­ණෙන ලෙස නියෝ­ග­යක් නිකුත් කළේය.

නියෝ­ග­යක් ලැබෙන තුරු ආදා­හන කට­යුතු විහා­ර­ස්ථාන භූමියේ සිදු නොක­රන ලෙස­ටද ප්‍රදේ­ශයේ නීතිය හා සාමය පොලී­සිය විසින් ආරක්ෂා කළ යුතු බව­ටද අධි­ක­රණ නියෝ­ගයේ සඳ­හන් විණි.

හින්දු කෝවිලේ පිරිස ප්‍රධාන වශ­යෙන්ම ප්‍රකාශ කොට තිබුණේ මළ සිරුරු කෝවිල් භූමි­යට රැගෙන ඒම හා එය කෝවිල් භූමිය තුළ ආදා­හ­නය කිරීම බර­ප­තළ වර­දක් හා එය හින්දු ආග­මට නොගැ­ළ­පෙන නිසා එසේ කිරී­මට කිසි­සේත් ඉඩ­දිය නොහැකි බව­ටය.

අව­සා­න­යේදී අධි­ක­ර­ණය නියෝග කළේ මේධා­ලං­කාර හිමි­යන්ගේ දේහය මුල­තිව් මුහුදු වෙර­ළා­සන්න ප්‍රදේ­ශයේ ආදා­හ­නය කරන ලෙසය.

ගුරු­කන්ද විහා­ර­ස්ථා­න­යට එක් වූ මහා සංඝ රත්නය යොදා­ගත් දින­යේම ආදා­හන කට­යුතු සිදු කිරී­මට තීන්දු කොට සිටි­යත් අධි­ක­ර­ණයේ නියෝ­ගය විහා­ර­ස්ථා­නය වෙත එතෙක් ලැබී නොති­බිණි.

බොදු­බල සේනා සංවි­ධා­නයේ නායක ගල­ගොඩ අත්තේ ඥාන­සාර හිමි­යන් කියා සිටියේ මේ අත­ර­වා­රයේ මහා වැස්සක් ඇද හැලෙ­න්නට වූ බැවින් හා අධි­ක­රණ නියෝ­ග­යක් නොලැ­බුණු නිසා දේහය පිළි­බඳ ආදා­හන කට­යුතු මහා සංඝ­ර­ත්නයේ තීර­ණය මත යොදා­ගත් ස්ථාන­යේම සිදු කළ බවය. ඒ සම­ඟම පළාතේ තරු­ණ­යන් විශාල පිරි­සක් පැමිණ ආදා­හන කට­යු­තු­ව­ලට බාධා කර­න්නට පට­න්ගත් බවත් පොලී­සිය ඔවුන් නතර කළ බවත් උන්ව­හන්සේ කියා සිටි­යහ.

කෙසේ නමුත් ආදා­හ­න­යත් සමඟ මුල­තිව් ප්‍රදේ­ශ­යේත් නායාරූ ප්‍රදේ­ශ­යේත් ඉතා විශාල විරෝ­ධ­තා­වක් හට ගැනිණි. මේ විරෝ­ධ­තා­ව­ලට උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේ­ස්ව­රන් මහ­තාද නාය­ක­ත්වය දුන් නිසා අප ඔහු­ගෙන් විමසා සිටියේ මෙවැනි තත්ත්ව­යක් ඇති වීමට හේතුව කුම­ක්දැයි යන ප්‍රශ්න­යයි.

විග්නේ­ෂ්ව­රන් කියන කතාව

“මේ විහා­රය බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් නෙමෙයි. හමු­දාවේ අය බුදුන් වඳින්න කියලා පිළි­ම­යක් තියා­ගෙන වැදුම් පිදුම් කරලා ඒ අය එතැන බුදු­පි­ළි­මය තියලා ගියාම ඒක බෞද්ධ විහා­ර­යක් වෙන්නේ නැහැ. මෙතැ­නට වුණෙත් ඒක­මයි.”

“ඊට පස්සේ කොහෙන්දෝ හාමු­දුරු කෙනෙක් මෙතැ­නට ඇවිත් පදිංචි වෙලා මේක බෞද්ධ විහා­ර­යක් කියලා කිව්වා. එයා ආව ගමන් කළේ හමු­දා­වත් එක්ක එකතු වෙලා මේ බුදු­පි­ළි­මය ළඟ අවු­රුදු ගානක් තිබුණ ගණ­දෙවි කෝවිල වඳින්න ගිය අය එළවා ගත්ත එකයි.”

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ
 අධ්‍යක්ෂ ජන­රාල්
අධි­ක­ර­ණ­යට කළ ප්‍රකා­ශය

වර්ෂ 2019 පෙබ­ර­වාරි මස 12 දා ගුරු­කන්ද පුද­බිමේ පුරා­වි­ද්‍යා­ත්මක ස්වභා­වය පිළි­බඳ  මුල­තිව් අධි­ක­ර­ණය විසින් පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහ­ාචාර්ය ප්‍රශාන්ත මණ්ඩා­වල මහතාගෙන් විම­සීය. ඔහු අධි­ක­ර­ණය ඉදි­රියේ ප්‍රකාශ කළේ කරන ලද විද්‍යා­නු­කූල පුරා­වි­ද්‍යා­ත්මක ගවේ­ෂ­ණ­ය­න්ගෙන් තහ­වුරු වන්නේ ගුරු­කන්ද රජ­මහා විහා­රය ආශ්‍රිත භූමිය අනු­රා­ධ­පුර යුගයේ මුල් භාග­යට අයත් වාස්තු විද්‍යා­ත්මක ලක්ෂණ සහිත පුරා­වස්තු විශාල ප්‍රමා­ණ­යක් පැති­රුණු, එම වක­වා­නු­ව­ටම අයත් දාගැ­බක් හා ආරාම සංකී­ර්ණ­යක නිශ්චිත සාධක සහිත බෞද්ධ ආරා­මික භූමි­යක් බවය. 


වසර 2000ක් පමණ පැරණි එම බෞද්ධ ආරාම සංකී­ර්ණය පිළි­බඳ තොර­තුරු පුරා­විද්‍යා ගවේ­ෂණ අංශය විසින් විධි­මත් විද්‍යා­නු­කූල ගවේ­ෂ­ණ­ය­කින් අන­තු­රුව වාර්තා කිරී­මෙන් පසුව “උතුරු පළාතේ මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ මුහු­දු­බඩ පත්තුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ චෙන්ම­ලෙයි ග්‍රාම නිල­ධාරී වසමේ චෙන්ම­ලෙයි පෙදෙසේ පිහිටි දාගැබ ගොඩැල්ල හා අනෙක් පුරා­වි­ද්‍යා­ත්මක නට­බුන්” ලෙස වර්ෂ 2013.08.16 දින අති විශේෂ ගැසට් පත්‍ර­ය­කින් ගැසට් කර තිබිණි.


උක්ත කාරණා පද­නම් කර­ගෙන රටේ නීතිය ප්‍රකා­රව ඒ භූමිය පුරා­විද්‍යා ආඥා පනත මඟින් නියා­ම­නය වන පුරා­විද්‍යා භූමි­යක් බව ඔහු අධි­ක­ර­ණ­යට කීවේය. ගුරු­කන්දේ හින්දු කෝවි­ලක් පැවති බවට වන දේශ­පා­ල­නික ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් වන්නේ එවැනි පැහැ­දිලි පසු­බි­මක් තුළය. 

“දැන් මේකේ අයි­තිය තියෙන්නේ හින්දු ජන­තා­වට වගේම හින්දු ගණ­දෙවි කෝවි­ල­ටයි. ඒ අය මෙතැන පොංගල් කළ හැම වේලා­වෙම හාමු­දු­රුවෝ මොනවා හරි කළා ඒ වන්ද­නා­මාන කට­යුතු කඩා­ක­ප්පල් කරන්න. මේ ස්ථානය කොහො­මත්ම අයිති නැති හාමු­දුරු කෙනෙක් ඇවිත් ඒකේ අයි­තිය කියන්න ගිය එකෙන් තමයි නැති ප්‍රශ්න ඇති වෙලා මුල­තිව් පළා­තම මහා අවුල් ගොඩාක් බවට පත් වුණේ.”

“හාමු­දු­රුවෝ මෙතැ­නට කොහෙන්දෝ ඇවිත් මේක එයාගේ තැනක් බෞද්ධ තැනක් කියලා කෑ ගහලා මිනිස්සු බය කර­ගන්න හැදුවා. මිනි­ස්සුත් නඩු කිව්වා. හාමු­දු­රු­වොත් නඩු කිව්වා. දැන් අධි­ක­ර­ණය ඉල්ලා ඇත්තේ මේ ගුරු­කන්ද විහා­රය බෞද්ධ තැනක් බව කිය­වෙන පුරා­විද්‍යා ආඥා­ප­නත අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න කිය­ලයි.

හාමු­දු­රු­වන් මැරෙ­න­කල් ඒක කරන්න හාමු­දු­රු­ව­න්ට­වත් පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­ව­ට­වත් බැරි වුණා. මේකෙන්ම පේනවා මේ ස්ථානය අයිති වෙලා තියෙන්නේ නීරා­වි­අඩි පිල්ල­යාර් කෝවි­ලට බව. ඉතින් හාමු­දු­රු­වන් මැරු­ණම කොවිල් භූමියේ හාමු­දු­රු­වන්ගේ මිනිය පුච්චන්න ඉඩ දෙන්න කෝවිල් භූමිය සොහොන් කන­ත්තක් නෙමෙයි නේ. ”

මේ හන්දා තමයි අපි කියන්නේ උතුරේ බෞද්ධ­යන් නැති පළා­ත්වල පන්සල් හදන්න එපා, බුදු­පි­ළිම තියන්න එපා කියලා. ඒකෙන් වෙන්නේ සිංහල දෙමළ දෙපි­රිස අතර නොයෙ­කුත් ආර­වුල් ඇති වෙන එක විත­රයි.’’

විග්නේ­ස්ව­රන් මහතා අප සමඟ එසේ කියා සිටියේ ගුරු­කන්ද විහා­රා­ධි­පති හිමි­යන්ගේ ආදා­හ­නය විහා­ර­ස්ථා­නයේ පැවැ­ත්වී­මට එරෙ­හිව මුල­තිව් නග­රයේ පැවති විශාල විරෝ­ධ­තා­ව­කට සහ­භාගී වී ආපසු යාප­න­යට යන අත­ර­තු­රය.

අධි­ක­රණ නියෝ­ගය නොතකා කට­යුතු කළේ ඥාන­සාර හිමි­යන්ගේ උප­දෙස් අනුව නිසා උන්ව­හන්සේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසද උතුරේ නීති­ඥ­වරු බල කොට සිටිති. ඔවුන් මුල­තිව් පොලී­සි­යට පැමි­ණි­ල්ලක්ද කොට තිබේ.

ඒ සිදු වීම් සමු­දාය නිසා මේ වන විට මුල­තිව් පළාත නොස­න්සුන්ය. ඒ පිළි­බඳ අද­හස් දක්වන උතුරේ සර්ව ආග­මික සංවි­ධා­නයේ උප­දේ­ශක කුඩී­ඉ­රි­ප්පුව ගණ­දෙවි කෝවිලේ බාල­ච­න්ද්‍රන් කුරු­ක්ක­ල්ව­රයා කියා සිටින්නේ මේ තත්ත්වය මෙසේ සිදු නොවිය යුතු ප්‍රශ්න­යක් බවයි.

කුඩී­ඉ­රි­ප්පුව ගණ­දෙවි කෝවිලේ කුරු­ක්කල් බාල­ච­න්ද්‍රන් සාමි

“මේ ගුරු­කන්ද ප්‍රශ්න­යට හේතු වුණේ දෙපි­රිස අත­රම තිබුණු බල ලෝභ­යත් ඒකට දේශ­පා­ල­න­යෙන් අත්උ­දව් දීමත් තමයි. ඒ අය වෛර­ක්කා­ර­යන් බවට පත් වුණා.

අනෙක් කාර­ණය තමයි මේ වගේ ප්‍රශ්න විස­ඳන්න ගත කරන කාලය අධික වීම. අධි­ක­ර­ණ­යට ආග­මික අයි­තීන් හෝ ස්ථාන අයි­තිය පිළි­බඳ නඩු­වක් ගොනු වුණාම ඒක ඉතා ඉක්ම­නින් විස­ඳන්න ඕනෑ. නමුත් ඒවා විභාග වෙන්නේ සාමාන්‍ය ඉඩම් නඩු විභාග වෙන ආකා­ර­ය­ටයි.

ගුරු­කන්ද විහා­ර­යට යාබ­දව පිහිටි ගණ දෙවි කෝවිලේ අය හිත­නවා මේකේ අයි­තිය තියෙන්නේ ඒ අයට කියලා. ඒකයි හාමු­දු­රු­වන්ගේ මිනිය ඒ භූමියේ ආදා­හ­නය කර­න­වාට විරුද්ධ වුණේ.

මේකේ චාරි­ත්‍ර­යක් තිය­නවා. හින්දු අය මළ­මිනී එක්ක කට­යුතු කරද්දි ගොඩාක් පරෙ­ස්සම් වෙනවා. මළ­ගෙ­ද­රක ගිය අයෙක් ගෙද­රට එන්නේ නෑ නාන්නේ නැතුව. මළ­ගෙ­ද­ර­කට ගිය හින්දු කෙනෙක් වෙනත් කිසිම තැන­කට යන්නේ නෑ. යන්න ඕනෑම නම් යන්නේ නාලා පිරි­සුදු වෙලයි. දැන් අපි මේ කෝවි­ල්වල කුරු­ක්ක­ල්වරු වුණාට මිනි­ස්සුන්ට සේවය කළාට අපිත් මැරු­ණට පස්සේ මිනිය කෝවිල පැත්ත­ක­ට­වත් ගන්නේ නෑ.”

“කොටින්ම කිය­නවා නම් හින්දු කෝවි­ල්වල කට­යුතු කරන කුරු­ක්ක­ල්ව­ර­යෙ­කුගේ මිනිය ගන්න දව­සට කුරු­ක්ක­ල්ව­රුන් ආග­මික වතා­වත් කරන්න යන්නේ නැහැ. ඒකට වෙනම කුරු­ක්ක­ල්ව­රුන් ඉන්නවා. ඔවුන් තමයි ගිහින් ඒක කරන්නේ. අපි මැරුණු දාටත් එන්නේ ඒ කුරු­ක්ක­ල්ව­රුන් විත­රයි. ආග­මික වතා­වත් කරන්නේ ඒ අය විත­රයි.

මුල­තිව් පුල්ල­යාරේ කෝවිලේ අයත් හාමු­දු­රු­වන්ගේ මිනිය කෝවිල තියන තැන ආදා­හ­නය කර­න­වාට විරුද්ධ වුණේ ඒ නි­සයි.”

....


අදහස්

2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0