අවුරුදු 344ක් වයසැති ඇලග්බා ජීවිතයෙන් සමු ගනී

Click to
follow

අප්‍රිකාවේ වයස්ගතම ඉබ්බා ලෙස සැලකෙන ඇලග්බා නමැති ඉබ්බා මියගොස් තිබේ. 

අවුරුදු 344ක් වයසැති ඇලග්බා කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

රාජකීය හිමිකාරීත්වයක් ඇති ඇලග්බා ඉබ්බා නිරතදිග නයිජීරියාවේ ඔග්බොමෝෂෝ හි ජිමෝඔයෙවුන්මි රජුගේ මාලිගයේ වාසය කර ඇති බව සදහන්. 

ඇලග්බා ඉබ්බා දැක බලා ගැනීමට ලොව පුරා සංචාරකයින් විශාල පිරිසක් වාර්ෂිකව පැමිණෙන අතර ඉබ්බා රැක බලා ගැනීමේ කටයුතු වෙනුවෙන් පමණක්ම රජමාලිගයේ සේවකයින් අනුයුක්ත කර තිබු බව වාර්තා වේ.

....


අදහස්

1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0