ශ්‍රීලනිපය පොහොට්ටුවට එක්වෙයි

Click to
follow

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

....


අදහස්

2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0