චේ දිනය මොරගහහේන ‘චේ උද්‍යානයේදී’

Click to
follow

සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම පවත්වනු ලබන “චේ දිනය” සැමරුම මෙවර මොරගහහේන යහලකැලේ වත්තේ “චේ උද්‍යානයේදී” පැවැත්විය.

එහි දී කියුබාවේ විප්ලවීය නායකයෙකු වූ චේ ගුවේරා මහතා විසින් සිටවූ මහෝගනී ගස අසල පුෂ්පෝපහාර දැක්වීමක්ද කියුබානු සහයෝගිතා බැනරයක් අත්සන් තැබීමක් සහ සහයෝගිතා ප්‍රකාශනයක්ද ඉදිරිපත් කරන ලදී.

එහි දී කියුබානු තානාපතිනි ජුවානා එලේනා මහත්මිය, ජවිපෙ දේශපාලන බලමණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක විශේඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා හා නීතිඥ ශානිකා සිල්වා මෙනවිය ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.

                            

....


අදහස්

2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0