අනුර දිනවීමට එක්වන්නැයි ප්‍රේමකීර්තිගේ බිරිඳ නිර්මලා ද අල්විස් සියලුම කාන්තාවන්ට ආරාධනා කරයි

Click to
follow

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කරවීම සඳහා ගම් දනව් පුරා සිටින සියලුම කාන්තාවන්ට ආරාධනා කරන බව ප්‍රේමකීර්ති ද අල්විස් මහතානන්ගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ආරාධනා කරයි.

නිර්මලා ද අල්විස් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ අද (20) කොළඹ මහජන පුස්ථකාල පරිශ්‍රයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාන්තා සමුළුවට එක්වෙමිණි.

ගුවන්විදුලි නිවේදකයෙකු, ගීත රචකයෙකු මෙන්ම මානවවාදී මාධ්‍යවේදියෙකුද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව ව මරා දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවේ යැයි තමා කියාසිටියදීත් ජවිපෙ එයින් ප්‍රයෝජන නොගෙන නිහඬව සිටි බවත් එයින් පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන විනීත ගුණය බවත් ඇය අවධාරණය කළා ය. මෙම වීනීත, නිහතමානී මිනිසා දිනවීමට ඈත ගම්දනව් සිසාරා තම හඩ රැගෙන යන ලෙසත් නිර්මලා ද අල්විස් මහත්මිය එම සමුළුව අමතමින් ප්‍රකාශ කළා ය.

මෙම කාත්තා සමුළුවේදී ජාතික ජන බලවේගයේ කාන්තා ප්‍රතිපත්තිය එලිදැක්වීම සිදු කරන ලදී.

....


අදහස්

1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0