වැසි වැඩිවන ලකුණු – ජලාශ තුනක වාන්දොරටු විවෘත කරයි

Click to
follow

අධික වැසි තත්වයත් සමඟ රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් ද දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් ද විවෘත කර ඇති අතර පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

මේ අතර වැසි තත්වයේ වැඩි වීමත් සමඟ රත්නපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ශාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු පළාත්වලට මිලිමීටර් 75 ක තද වර්ශාපතනයක් ඇතිවිය හැකි බවත් වැසි ඇතිවන අවස්ථාවල අකුණු සහ සුළං තත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

....


අදහස්

16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0