කුඹුරු වගාවට නිසි පරිදි ජලය නොදීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා…

Click to
follow

ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ඉදිරි මාස් කන්නයේ වී වගාව සදහා ජල පාලන කමිටුව සකස් කළ ජලය නිකුත් කිරීමේ යෝජිත කාල සටහනට දැඩි විරෝධය පලකරන බවත් එවැනි අවිද්‍යාත්මක සැලැස්මකින් ගොවි ජනතාවට සිදුවිය හැකි අලාබය සදහා වන්දි ලබාදීමට කටයුතු කළයුතු බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ආණ්ඩුවෙ බලධාරීන්ට අනතුරු අඟවයි.

එම සම්මේලනය විසින් (20) දඹුල්ල-නගරයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටි.බී සරත් මහතා මේ බව අවධාරණය කර සිටියේ ය.

මෙම මාධ්‍ය හමුව අමතා එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, එහි විධායක සභික අශෝක කරුණාසේන යන මහත්වරු අදහස් පලකළ අතර එම අවස්ථාවට දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර හා ලේකම් ඩබ්ලිව්.එම තිලකරත්න යන මහත්වරුද එක්වී සිටියහ.

මෙම වර්ෂයේ නියමිත කාලයට වර්ෂාව ලැබෙමින් වැව් හා ජලාශ පිටාර මට්ටම ඉක්මවා පිරි ඉතිරි යමින් තිබියදීත් ආණ්ඩුව මෙතෙක් කන්න රැස්වීම් පවත්වා වී වගාව සදහා ජලය නිකුත් කිරීම ප්‍රමාද කරමින් සිටින බවත් ඉකුත් 17 දින ගන්නොරුවේ දී රාජ්‍ය ගොවි සංවිධාන නියෝජිතයින් හා ජල පාලන කමිටුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ගොවි නියෝජිතවරුන්ගේ හඬට ඇහුම්කන් නොදී එහි ඇතැම් නිලධාරීන් විසින් අන්තනෝමතිකව ඔවුන් විසින් සකස් කළ ජලය නිකුත් කිරීමේ කාල සටහනක ක්‍රියාත්මක කරන ලෙස ගොවි සංවිධානවලට බලකර ඇති බවත් ඊට විරුද්ධව අදහස් පලකල ගොවි නායකයින් සාකච්ඡා  සභාවෙන් එළියට දමා ඇති එම ක්‍රියාව, දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ටි.බී සරත් මහතා කියා සිටියේය.

මොරගහකන්ද ජලාශය ඇතුළු වැව් හා ජලාශයන්හි ප්‍රමාණවත් තරම් ජල ධාරිතාවයක් තිබියදී ඉදිරි මාස් කන්නය සදහා ජලය නිකුත් කිරීම ලබන මස 10 දින සිට 20 දක්වා කල් දමා ඇති බවත් එසේ ජලය නිකුත් කරන්නේද ජල අවශ්‍යතාවයෙන් 35%ක් 40%ක් බවට දැනුම්දී ඇති බවත් වගා කල යුත්තේ මාස තුනහමාරකින් අස්වනු ලබාගත හැකි වී වර්ග පමණක් බවටද උපදෙස් දී ඇති බව කියා සිටියේය.

පසුගිය වර්ෂයේදීද වගා කන්නය සදහා ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරිමෙන් වී වගාවට නිසි පරිදි ජලය සපයා ගැනීමට නොහැකිව ගොවින් දැඩි අපහසුතාවයකට පත්වූ බවද මෙහිදී සිහිපත් කළ ටි.බී සරත් මහතා අවධාරණය කර සිටියේ නොවැම්බර් මස ජනාධිපතිවරණයෙන් පසුව ගොවි ජනතාවට හානිකරන තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කොළඹ කාර්යාල වැටලීමට ගොවි ජනතාව සමග සුදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් පලකළ නාමල් කරුණාරත්න මහතා කියා සිටියෙමේ දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයින් නත්තල් පප්පලා මෙන් ගොවි ජනතාව ගැන වැඩි වැඩියෙන් ආමන්ත්‍රණය කරමින් විවිධ සහන ලබාදෙන බවට පොරොන්දු වන බවත් මෙවර ගොවි ජනතාව එසේ රැවටීමකට ලක්කළ නොහකි බවත් ඔහු පැවසිය.

බොහෝ ගොවි කලාපයන්හි ගොවින් වර්ෂා ජලයෙන් කුඹුරු සි සෑම අවසන් කර ඇතැම් ප්‍රදේශවල වී වගාව ආරම්භ කර ඇති බවද ඔවුන්ට මුලික පොහොර පවා නිකුත් කිරීමට අපොහොසත්වී ඇතැයි කියා සිටි  නාමල්කරුණාරත්න  මහතා මේ තුලින් වී වගාවේ වර්ධනය බාලවි අපේක්ෂිත අස්වන්න ලබාගැනීමට නොහැකි වනු ඇතැයිද කිවේය.

පාලකයින් තමන්ගේ බලය රැක ගැනීමට කුලල් කා ගැනීම නතරකර වස විසෙන් තොර වගා රටාවකට යොමු කිරීමට පියවර ගන්නා ලෙසද  ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ එම සම්මේලනයේ විධායක කමිටු සාමාජික අශෝක රත්නසේන මහතා කියා සිටියේ ගන්නෝරුවේ පැවති ජල පාලන කමිටු රැස්වීමට කවුඩුල්ල ව්‍යාපාරය වෙනුවෙන් සහභාගිවූ බවත් එහිදී  ඇතැම් නිලධාරීන් ගොවි ජනතාව දැඩි පිඩාවට පත්කරමින් කටයුතු කල බවට චෝදනා කල අතර ගොවි නායකයින් තම අදහස් කිරීමේදී ඔවුන් සභා ශාලාවෙන් ඉවත දැමීමට තරම් කුරිරුවූ බවද කියා සිටියේය.

අතීතයේ සිට මෙරට ගොවි ජනතාව යල සහ මාස් කන්නයන්හි බාල වී හා වැඩිමාල් වී වර්ග වගා කලේ එම කන්නයන්හි සුර්යා ලෝකය පදනම් කරගෙන බවත් වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ගොවීන්ට වගා කිරීම සදහා බාල වී වර්ග නිර්දේශ කිරීම තුළ ඒ මත පදනම්ව ජලය නිකුත් කිරීම සිදුකරන බවත් ජලාශ වර්ෂා ජලයෙන් පිරි ඇති මොහොතක අඩු අස්වැන්නක් ගොවීන්ට ලබාගත හැකි වී වර්ග ගොවීන්ට වග කිරීමට සිදුවීමේ වගකීම  ආණ්ඩුව විසින් බාරගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය ගොවි සංවිධාන රජයේ ඉහළ නිලධාරින්ගේ වුවමනාවන් ඉටුකරමින් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන බැවින් එම ගොවි සංවිධාන තම ගොවි සම්මේලනය වටා ඒකරාශිවන ලෙසද ඉල්ලා සිටියේය.

....


අදහස්

5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0