ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ උප නායිකාව දිවි ගමනට සමු දෙයි

Click to
follow

ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ ‌‌මෙලනි අමා විජේසිංහ ඊයේ(20) දින සිය දිවියෙන් සමුගෙන තිබේ.

ලියුකේමියා රෝගී තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙම අකල් මරණයට මුහුණ දී ඇතැයි වාර්තාවන අතර ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි.

පසුගිය දා ජපානයේ පැවති ආසියානු යොවුන් දැල්පන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපනායිකාව ලෙස කටයුතු කළ අමා විජේසිංහ ක්‍රීඩිකාව, එම තරඟාවලියේ හොඳම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍රවිය.

එසේම අමා බොට්ස්වානා හි පැවති යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.

මියයන විට ඇය කොළඹ විශාකා විදුහලේ සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබමින් සිටි අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා දින, කිරිඳිවැල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

....


අදහස්

11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0