අධිවේගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන්නැයි දැනුම්දීමක්

Click to
follow

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන් වෙත දැනුම්දී ඇත.

අධික වැසි තත්වය හේතුවෙන් මාර්ගය අපහැදිලිවීම සහ ලිස්සා යාම සිදුවිය හැකි අතර රියදුරන් ඒ සම්බන්ධව දැනුවත්ව කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.

අද(21) උදෑසන මාර්ගය අපහැදිලි වීම හේතුවෙන් කහතුඩුව පිවිසුමේ සිට හත්වන කිලෝමීටර් කණුව ආසන්නයේ වාහන 6ක් එකිනෙක ගැටී අනතුරක් ද සිදුව ඇති අතර එමඟින් බස් රථයක්, වෑන් රථය දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් හානියට පත්ව ඇත. අනතුරින් ජීවිත හානි සිදුව නැත.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබේ.

සෞදි ආරාබියේ රියාද් නුවර සිටි පැමිණි යූ.එල්.266 සහ කුවේට් සිට මෙරටට පැමිණි යූ.එල්. 230 දරන ගුවන් යානා මත්තල ගුවන් තොටුපළට ගොඩ බස්සවා තිබිණි. කාලයුගුණය යහපත් වූ පසු එම යානා කටුනායක ගුවන් තොටුපළ වෙත යොමුකර ඇත.

....


අදහස්

4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0