ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භාගයක්ම කරන්න බැහැ - සජින් ද වාස්

Click to
follow

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන ප්‍රතිපත්තිවලින් භාගයක්ම සිදුකිරීමට නොහැකි ප්‍රතිපත්ති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ඔහුගේ අම්බලන්ගොඩ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන ප්‍රතිපත්තිවලින් භාගයක්ම කරන්න බැහැ කියලා මම පෞද්ගලිකවම දන්නවා. හොඳම උදාහරණය තමයි නිකන් පොහොර දෙන එක. නිකං පොහොර දෙනවා කියන එක ඉතාම සංකීර්ණ දෙයක්. එක පැත්තකින් කියනවා නිකං පොහොර දෙනවා කියලා. අනෙත් පැත්තෙන් රතන ස්වාමීන් වහන්සේ කියනවා වස විස නැති කරන්න ඕනේ කියලා. මේකේ පරස්පරයක් තියෙනවා.

අපිට අත්දැකීම් තියෙනවානේ. ඒ කාලේ පී. බී. ජයසුන්දර මහතා, අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා වැඩ කරපු හැටි ගැන. මේ ආර්ථිකයට දරාගන්න බැරි ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා. අපි හරියටම සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කළොත් 2019 සිට ගත්ත ණයෙන් 71% ගිහින් තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. පසුගිය අවුරුදු 04 ඇතුළත අපේ ආර්ථිකය යම්කිසි සංධිස්ථානයකට ගෙනත් තියෙනවා. එතනින් එහාට අපට තියෙන විසඳුම් තමයි, එකක් කාර්මීකරණය, වාණිජමය කෘෂිකර්මය, ජනතාවගේ දෛනික අදායම වැඩි කිරීම, නිශ්පාදනය වැඩි කිරීම. ඒ ප්‍රතිපත්ති උඩ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා යන්නේ. එහෙම නැතුව අපි ප්‍රතිපත්තියක් හදලා මේක නිකන් දෙනවා, අරක නිකන් දෙනවා කියලා බැහැ. මේ හැමදේම ගෝලීය ආර්ථිකයක් තුළ, අපේ ආර්ථිකයක් තුළ, අපේ ජනතාවගේ නිශ්පාදනය වැඩිකරගෙන විදේශ විනිමය වැඩිකරගන්න ඕන වැඩපිළිවෙලක්. නිකන් ලස්සනට පොතක් හදලා දෙනවා දෙනවා කියුවට මේවා කරන්න බැහැ. යථාර්ථයයි, සිහින ලබාදෙනවා කියන එකයි දෙකක්.

පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන රුස්වීමකට පැමිණි ශේහාන් සේරසිංහ මහතාත්, කාංචන විජේසේකර මහතාත් ඉතාම ආවේගශීලීව කතා කරනවා මම දැක්කා. මා මිත්‍ර මනූෂ මන්ත්‍රිතුමාත්, ඒරාන් ඇමතිතුමත් තමයි අනිත් පැත්තෙන් ඇවිත් හිටියේ. ශෙහාන් මන්ත්‍රිතුමාත්, කාංචන මන්ත්‍රීතුමත් පුන පුනා කතා කළේ සජින් ද වාස් ගුණවර්ධන දේශපාලනයට ඇවිල්ලා කියලා. ඒ වගේම මර්වින් සිල්වා මැතිතුමාත් දේශපාලනයට ඇවිල්ලා කියලා.

මම ඔවුන්ට මතක් කරන්න කැමතියි මම දේශපාලනයට ආවේ ඔවුන්ට කලින් කියලා. මම ශෙහාන් මන්ත්‍රීතුමාටත්, කාංචන මන්ත්‍රිතුමාටත් අනුකම්පා කරනවා. මොකද ඔවුන් අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වෙනුවෙන් විශාල වන්දි භට්ට සේවාවක් කරනවා. මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද මමත් අවුරැදු 15ක් 16ක් ඔය වන්දි භට්ට සේවයම කළා. ඒ නිසා මම දන්නවා ඔතන කොච්චර බුරන්න ඕනද, කොච්චර සේවය කරන්න ඕනද කියලා.

ඒ මන්ත්‍රීවරුන් දෙන්නටම බය නැතුව මා සමග විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. තමුන්නාන්සේලාට ගෙදර වගේ නාළිකාවකට ඇවිල්ලා වටේටම චෝදනා කරන්නේ නැතුව එන්න. ඇවිත් මා සමග විවාද කරමු. මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි පටන් ගමු 2005 ජනාධිපතිවරණයෙන්.* යැයි පැවසීය.

....


අදහස්

9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0