ජනාධිපති අරමුදල දුප්පතුන් වෙනුවෙන්මයි

Click to
follow

මහේෂ් සේනානායක

ජනාධිපති අරමුදල දුප්පත් ජනාතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මිස පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රිවරයකුට එකම රුපියලක්වත් ලබා

ඡායාරූපය - රුවන් ද සිල්වා 

ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බව තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක් හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ අතර ළගම ඇති රෝහල හොඳම රෝහල බවට පත්කිරීම ඇතුළු ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කර ඇති යෝජනාවන් වල සදහන් වෙයි.වෙයි

රෝගයක් වැළදීමට පෙර එය වළක්වා ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ පුළුල් වැඩ පිළිවෙලක් දියත් කිරීමට යෝජනාවලියක් සකසක් කර තිබේ. ඒඅනුව දිවයිනේ සියලුම රෝහල් වැඩි දියුණු කරමින් ග්‍රාමීය ජනතාවට ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමටත් එම රෝහල්වලට අවශ්‍ය ඹෞෂධ වර්ග කිසිදු අඩුවකින් තොරව ලබා දීමටත් ඹෞෂධ මාෆියාව වළක්වා ගනිම්න් එම ක්ෂේත්‍රය යටතේ සුවිශේෂි වැඩ පිළිවෙළක් දියත් කිරීමට යෝජනා කර තිබේ.

ඒ අතර පරිසරය සුරැකීම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ සුවිශේෂි වැඩ පිළිවෙලක් දියත් කරනු ලබයි. ඒඅනුව වන සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙන්ම අලි තර්ජනවලට ලක්වු ගම්මාන ආරක්ෂා කිරීම, මෙන්ම වන සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද දැවැන්ත යෝජනාවලියක් සිය පක්ෂය බලයට පත්වුවහොත් ක්‍රියාත්මකකිරීමට සකස් කර තිබේ.

නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටින්නේ මේ රටේ දුෂණය වංචාව සම්පූර්ණයෙන්ම විනාශකර දේශපාලනය හරහා හෝ රාජ්‍ය සේවය හරහා කිසිවකුටත් රාජ්‍ය දේපල සොරා ගැනීමට ඇතිඉඩ කඩ අහුරා සෑම කෙනකුටම සාධාරණ වු වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරන බවත් ජාතිකආරක්ෂාවට මුල් තැන දෙමින් උතුරු නැගෙණහිර ජනතාව අතර සංහිදිාව වර්ධනය කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පුර්ණයෙන්ම සොයා බලා තිබෙන ගැටළු සියල්ලටම විසදුම් ලබා දීමටත් යෝජනා රැසක් දියත් කිරීමට සකස් කර ඇත.

මේ රට ආරක්ෂා කිරීමට ජීවිතයේ වැඩි කාලයක් රට වෙනුවෙන් කැපවු ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කිසිම කාලයක කිසිවකුටත් මේ රටේ බිම් අගලක්වත් බලහත් කාරයෙන් අල්ලා ගැනීමට ඉඩ ලැබෙන ආකාරයේ කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවත් පවසයි.

මේ රටේ වැඩකට නැති කොමිසන් සභා ගැන පවසන ජෙනරාල් මහේෂ් සේනානයක මහතා කිසිදු කොමිසමකට තම හිතවතුන් ඥාතීන් ඇතුළු සමිපතයන් පත් නොකරන බවත් යම් කොමිසමක් පත් කරන්නේ නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධින වු විය යුතු බවද කියයි.

....


අදහස්

1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0