ආසන මාරු කළ ඉතිහාසය

Click to
follow

ලලිත් ඇතුලත්මුදලි දේශපාලනයේදී මුලින් එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස කටයුතු කළේය. පසුව රත්මලාන නියෝජනය කළේය.

ගාමිණී දිසානායක මුලින් නුවර එළිය මස් කෙලිය න්යෝජනය කළේය. පසුව මහනුවරට ආවේය.

රනිල් වික්‍රමසිංහ මුලින් බියගම නියෝජනය කළේය. පසුව මැදකොළඹට ආවේය.

මහින්ද රාජපක්ෂ මුලින් හම්බන්තොට නියෝජන කළේය. පසුව කුරුණෑගලට ආවේය.

ඩඩ්ලි,ඩී.එස්,ජේ.ආර්,කොතලාවල,
ආර්,ජී, වැනි සියලු දෙනාම දිස්ත්‍රික්ක සහ ආසන මාරු කොට තිබේ.

රන්ජන් රාමනායක දේශපාලනය ආරම්භ කළේ රත්නපුරෙනි. ඔහු පසුව ගම්පහට ගියේය. කරු ජයසූරිය මුලින්ම ඉදිරිපත්වූයේ කොළඹිනි. පසුව ගම්පහට  ගියේය. රුක්මන් සේනානායක මුලින් පොළොන්නරුව නියෝජනය කළ අතර එය ජයගෙන පාර්ලිමේන්තු පැමිණ පසුව කෑගල්ල නියෝජනය කළේය.

 

කොළඹ,බියගම කැළනිය නියෝජනය කළ ජේ ආර් වරක් ආර්.ජී විසින් පරාජය කළේ කැළනියෙනි.


සමහරු තමන්ට දිනන්නට පහසු ආසන සොයා මාරු වෙයි.

 

සමහරු අභියෝග ලෙස ගෙන අමාරු ආසන වලට බසී. එයින් දෙදෙනෙක් ලෙස සජිත් ප්‍රේමදාස සහ හරින්  විශේෂය. සජිත් තමාට ජයගන්නට පහසුම ආසනය වූ මැද කොළඹ වෙනුවට හම්බන්තොට තෝරාගත් අතර හරින් තමාට වඩාත් පහසු ගම්පහ  හැර බදුල්ල තෝරා ගත්තේය. එජාපය 2015 දිනන රැල්ල හදන්න විශාල පෙරළියක් කළේ හරිගේ 'බදුලුආගමනය'ය.එයින් නොනැවතී ඔහු විසිරී සිටි පක්ෂ නායකයෝ පස්සරදී එකම වේදිකාවකටද ගෙනාවේය.අර්ජුන රණතුංග වරක් කොළඹින්ද,වරක් ගම්පහින්ද,වරක් කලුතරින්ද ඉල්ලා ඒ සියලු අවස්ථාවල ජයගනු ලැබීය. නිමල් සිරිපාල ද සිල්වා කොළඹින් බදුල්ලට ගොස් ජයගත්තේය.

මේ අතර තවත් පිරිසක් තමාට වඩා වාසි දිස්ත්‍රික්ක සහ ආසන තෝරයි.
රනිල් වික්‍රමසිංහ මුලින් ජේ.ආර් හැදූ බියගමට ගොස් පාර්ලිමේන්තු ආ අතර පසුව කොළඹට ආවේය.වාසි ආසන තෝරන අය අතර ප්‍රමුඛයා රවි කරුණානායකය.
ඔහු මුලින් එජාපයට වාසි කෝට්ටේ තෝරාගත් අතර එය දිගින් දිගටම පහළට ගොස් කෝට්ටේ ප්‍රතිවාදී බලකොටුවක් විය. ඒ එක්කම රවී උතුරු කොළඹට පැන්නේය.ඒ එජාපයට මැද කොළඹට පසුව වාසිම අසුනය. දැන් එයද වේගයෙන් පසුබා තිබේ. මෙන්න ප්‍රතිපලය.

1999 සිට 2010 දක්වා කෝට්ටේ සංවිධායක රවි කරුණානායක
පලාත්සභා මැතිවරණය 1999-
කෝට්ටේ ආසනය
පොදු පෙරමුණ- 19351
එජාපය – 16956
එජාපය පරාදයි.


ඒ මැතිවරණයේ උතුරු කොළඹ
එජාපය-26448
පොදු පෙරමුන-11483
එජාපය දිනුම්.


1999 ජනාධිපතිවරණය
කෝට්ටේ ආසනය
පොදු පෙරමුණ-24782
එක්සත් ජාතික පක්ෂය-21455
එජාපය පරාදයි.

එදා උතුරු කොළඹ
එක්සත් ජාතික පක්ෂය 32714
පොදු පෙරමුණ-18114
එක්සත් ජාතික පක්ෂය ඉහළින්ම දිනුම්


2004 මහ මැතිවරණය
කෝට්ටේ
නිදහස් සංධානය-20070
එජාපය-19635
හෙල උරුමය-13192
එක්සත් ජාතික පක්ෂය පරාදයි.


ඒ මැතිවරණයේම උතුරු කොළඹ
එජාපය 43393
සන්ධානය 12724
එජාපය දිනුම්. 


2010 ජනාධිපතිවරණය
කෝට්ටේ මහින්ද රාජපක්ෂ-29125
සරත් ෆොන්සේකා-26129
එජාපය පරාදයි
එවර උතුරු කොළඹ
සරත් ෆොන්සේකා 42896
මහින්ද රාජපක්ෂ-17606
එජාපය දිනුම්

රවී දැන් උතුරු කොළබට පනී
එවර රවි නැති එජාපය කෝට්ටේ දිනන හැටි මෙන්න
එජාපය 30247
සන්ධානය 20797
මතක තබා ගන්න සජිත්ට ආසනේ,දිස්ත්‍රික්කය දින්නන්න කියන මේ දේශපාලන ගහලයා ජාතික මැතිවරණ 6කදී කෝට්ටෙන් එජාපය පරාජය කොට තිබේ.

ජනාධිපතිවරණ දෙකකීත්,පාර්ලිමේන්තු මැතිවරණ 5කදීත් ඔහු කෝට්ටේ පරාජය විය. 1ක් පමණක් යාන්තමින් දිනුවේ වැඩි ඡන්ද 232න්ය.‍ඒ මදිවට 2015 මනාප ප්‍රතිපලය මෙන්න

එක්සත් ජාතික පක්ෂය

රනිල් වික්‍රමසිංහ – 500,566
සුජීව සේනසිංහ – 117,049
හර්ෂ ද සිල්වා – 114,147
රවී කරුණානායක – 111,394‍

 

 

....


අදහස්

12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0