නොමි­නි­සුන් නිසා වැල­පෙන වල­පනේ

Click to
follow

කුත් තිස් වැනි දින සවස හයයි තිහ පසු වන විට රටේම අව­ධා­නය යොමු වූයේ වල­පනේ මල­ප­ට්ටා­වට ප්‍රදේ­ශ­ය­ටය. ඒ එම ප්‍රදේ­ශයේ සිදු වූ නාය යෑමත් සමඟ එක් නිව­සක් සුනු විසුනු වී එහි සිටි නිවැ­සි­යන් තිදෙ­නෙකු මිය­ගොස් තවත් එක් අයෙකු අතු­රු­ද­හන් වීම නිසාය.

එම අවා­ස­නා­වන්ත සිදු වීම වූ ඉකුත් තිස් වැනි දින වෙනත් දින­ව­ල­වට වඩා අධික වර්ෂා­වක් වල­පනේ ප්‍රදේ­ශ­යට ඇද හැලු­ණේය. නාය යෑමේ අව­දා­නම් කලා­ප­වල සිටි බොහෝ දෙනෙ­කුගේ සිත් සතන් තුළ බිය සංකා ඉප­දෙ­මින් තිබිණි. රාගල මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ වල­පනේ මල­ප­ට්ටාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ජි.ජි රන්බණ්ඩා (56) සිටි­යේත් දෙගි­ඩි­යා­වෙනි. ඒ බිහි­සුණු මනෝ­භා­වය ගැන කිය­න්නට අද ඔහු ජිව­තුන් අතර නැත. ඉකුත් දින සිදු වු නාය යෑමත් සමඟ ඔහුට සිය පවුලේ සමා­ජි­ක­යන් සමඟ පස් යට සැඟ වී යන්නට සිදු විය.

ඛේද­වා­ච­කය

ජි.ජි රන්බන්ඩා මල­ප­ට්ටාව ප්‍රදේ­ශයේ පදිංචි වී සිටියේ පාර­ම්ප­රි­ක­වය. ඔහුගේ බිරිය කේ.ජි.රන්මැ­ණිකා (52), එකම පුතු වන කලණ පැතුම් (16) මේ පුංචි කැදැල්ලෙ සිටි­යහ. කලණ සිටියේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දීමේ අපේ­ක්ෂාව සහි­ත­වය. පසුදා ( 03) විභා­ගය ය. ඒ අතර කල­ණගේ ඥාති සොයු­රි­යක වන ජි.ජි දිනේෂා (17) ද එම නිව­සට පැමි­ණියා ය. දිනේෂා මෙවර උසස් පෙළ විභා­ග­යට පෙනී සිටී­මට සූදා­න­මින් සිටි තරු­ණි­යකි. ඇය තම ඥාති නිව­සට පැමි­ණෙන්නේ අනෝරා වැස්සේය. සවස හය පමණ වන විට වර්ෂා­වත් ප්‍රදේ­ශයේ පැවති දැඩි මීදු­මත් සමඟ පරි­ස­ර­යම දැඩි අන්ධ­කා­ර­ය­කින් වෙළී ගියේය.

එක දිග­ටම මොර සූරන වැස්සය. ගෙර­වුම්ය. හරි­ය­ටම සවස හයයි තිහ පමණ වන විට හෙණ පුපු­ර­න්නාක් බඳු මහා හඬක් කඳු මුදු­නෙන් මතු විය. රන්බ­ණ්ඩ­ලාගේ නිවස තිබුණේ මල­ප­ට්ටාව ප්‍රදේ­ශයේ දී, වල­පනේ මහ­නු­වර ප්‍රධාන මාර්ග­යට පහ­ළිනි. එක වරම ඉහ­ළින් ඇදී අවේ මහා පස්ක­න්දකි. ඒ පස් කන්ද මහ මඟට පහ­ළින් වූ ඒ අස­ර­ණ­යන්ගේ නිවස මත පති­තව එය කැබලි කර කුඩු කර දම­මින් වසා ගත්තේය.

පැවති ‍දැඩි වර්ෂාව ද නොතකා අස­ල්වැ­සි­යන්ට ඥාතින්ට සිදු වු විපත දුටු අස­ල්වා­සිහු හඬා වැටෙ­මින් පිහි­ටට දිව ආහ. නමුත් පැවති දැඩි වර්ෂාව මෙන්ම කඩා වැටී තිබුණු ඒ මහා පස් කඳ අස­ලට කිට්ටු වන්නට වත් මොවු­න්හට නොහැකි වූ බව පෙනිණි. ගලා එන ජල ධාරා­ව­න්ගෙන් පස් කන්ද අවට මහා මඩ ගොහො­රු­වක් විය. සිදු වූයේ කුමක් ද යන්න සිතා­ගැ­නී­ම­ට­වත් නොහැකි විය. ඉතා කඩි­න­මින් පොලිස් නිල­ධා­රීන් මෙන්ම යුද හමුදා නිල­ධා­රීහු ආපදා ස්ථාන­යට පැමි­ණි­යහ. එහෙත් එම නිවසේ විසු­වන් සොයා­ගැ­නී­මට පසු දා පහන් වන තුරු සිටී­මට සිදු වන්නෙ නොන­ව­තින මහා වරු­සාව නිසාය.

පසුදා උදෑ­සන සිට අතු­රු­දන් අය සෙවීම සඳහා මෙහෙ­යුම් ආරම්භ විය. මුලින්ම කේ. ජී. බිසෝ­මැ­ණි­කාගේ ද, ඉන් පැය බාග­ය­කට පමණ පසුව ජී. ජී. දිනේ­ෂාගේ ද මළ­සි­රුරු සොයා­ගැ­නී­මට හැකි විය. එම මෙහෙ­යු­මට නුව­ර­එ­ළිය තුන් වැනි සිංහ රෙජි­මෙන්තු බළ­කායේ සෙබ­ළුන් මෙන්ම පල්ලේකැලේ රයි­ෆල් බළ­කායේ භට පිරිස් ද එක්ව සිටි­යහ. පොලිස් නිල­ධා­රින් මෙන්ම ප්‍රදේ­ශ­වා­සීහු ද ඔවුන්ගේ සහා­යට එක්ව සිටි­යහ. පැය කීප­යක අති දුෂ්කර මෙහෙ­යු­ම­කට පසුව නායට ලක් වු පහළ කොටසේ තිබී ජී. ජී. රන්බ­ණ්ඩාගේ සිරුර ද සොයා­ගැ­නී­මට හැකි විය. සිරුර සුන්බුන් ගොඩක් බවට පත් වී තිබිණි. සිය­ලුම සිරුරු ද පැව­තියේ දැඩි ලෙස හානි වූ තත්ව­ය­කය.

පළමු දිනය අව­සන් වන විටත් මුදා­ගැ­නිමේ කණ්ඩා­ය­ම්ව­ලට අතු­රු­ද­හන්ව සිටින නිවසේ පිරිමි දරුවා වූ කල­ණගේ සිරුර සොයා ගැනි­මට නොහැකි විය. දෙසැ­ම්බර් මස දෙවන දින අතු­රු­දන් වූ කලණ සොයා මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වන අතර තුර ඥාතින් සහ ප්‍රදේ­ශ­වා­සින් අති විශාල දෙනෙ­කුගේ සෝ සුසුම් මැද මළ­සි­රුරු සොයා­ගත් තිදෙ­නාගේ අව­සන් කට­යුතු සිදු කරන ලදි. මේ ලියන මොහොත වන විටත් කල­ණගේ සිරුර පිළි­බඳ කිසිදු හෝඩු­වා­වක් නැත. සිරුර සෙවිමේ කට­යුතු ඥාතින්ගේ ද අව­ස­රය මත අත­හැර දැමි­මට තිර­ණය වූයේය.

එසේම එම නාය යෑමත් සමඟ ප්‍රදේ­ශ­වා­සින් දැඩි නොස­න්සුන් තත්ත්ව­ය­කට පත් වූ අතර ඔවුන් ඔවුන්ගේ චොද­නාව වූයේ එම ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යනු ලබන ගල් කොරිය නිසා එම නාය යෑම සිදු වු බවය. එ පිළි­බඳ ඉකුත් කාලයේ මාධ්‍ය මඟින්ද වාර්තා කොට තිබිණි. එම නාය­යෑම සිදු වූ මල­ප­ට්ටාව ප්‍රදේයේ 2007 වර්ෂයේ ද දරුණු නාය­යෑ­මක් සිදු වු අතර එහි දී එක් නිව­සක් එම නිවැ­සි­යන් සමඟ අතු­රු­දන් විය.

මාරක ගල්වළ

ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ ඥාති­යෙකු විසින් 2006 වර්ෂය වන විටත් මල­ප­ට්ටාවේ ගල්වල පව­ත්වා­ගෙන පැමි­ණි­යේය. වර්ෂ 2007 ජන­වාරි මස දොළොස් වන දින සිදු වු නාය­යෑ­මත් සමඟ එය නවත්වා දමන ලදී. නමුත් පසුව 2011 වර්ෂයේ කන්දේ හන්දියේ සිට රාගල දක්වා මාර්ගය කාපට් අතුරා සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය කළු ගල් ලබා­ගැ­නීම සඳහා පරි­සර බල­ප­ත්‍ර­යක් ද නැතිව එම කොරිය නැවත භාවි­ත­යට ගන්නා ලදී. ඉන් පසු නැව­තත් 2018 වර්ෂයේ රාගල උඩ­පු­ස්ස­ල්ලාව මාර්ගයේ සංව­ර්ධන කට­යුතු සදහා අවශ්‍ය කළු­ගල් ලබා­ගැ­නී­මම සඳහා එම ගල් කොරිය නැවත සක්‍රීය කළේය. එයට ප්‍රදේයේ මහා සංඝ­ර­ත්න­යෙන් මෙන්ම ප්‍රදේ­ශ­වා­සි­න්ගෙන් දැඩි විරෝ­ධ­යක් එල්ල විය.

එම ගල් කොරිය නිසා අනා­ග­තයේ එම ප්‍රදේ­ශයේ නාය­යෑම් සිදු විය හැකි බව පෙන්වා දුන් ඔවුන් එය නැවැ­ත්වීම සදහා ගත හැකි සෑම ක්‍රියා­මා­ර්ග­යක්ම ගත් අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 2019 වර්ෂයේ වල­පනේ ප්‍රාදේ­ශිය සභාවේ සියලු මන්ත්‍රී­ව­රුන් විසින් ගල්වල වසා දැමි­මට තිර­ණ­යක් ගනු ලැබු­වේය. ඒ අනුව එම ගල්වල සඳහා ප්‍රාදේ­ශිය සභාව ලබා­දිය යුතු වෙළෙඳ බල­ප­ත්‍රය සැප්තැ­ම්බර් මාසය දක්වාම ලබා දුන්නේ නැත. ඉන්පසු රැස් වූ වල­පනේ ප්‍රාදේ­ශය සභාවේ පරි­සර කමි­ටුව එක්ව­රම එම ගල්වළ සඳහා වෙළෙඳ බල­ප­ත්‍රය ලබා­දී­මට අනු­මැ­තිය දුන්නේය.

සංඝ­ර­ත්නයේ උප­වා­සය

එම සිදු වීමත් සමඟ එම ප්‍රදේ­ශයේ ජන­තාව අතර ඇති වූ නොස­න්සු­න්තා­වට කඩි­නම් විස­ඳුම් ලබා­ගැ­නීම සඳහා වල­පනේ උතුර සාස­නා­ර­ක්ෂක බල­ම­ණ්ඩ­ලයේ ලේඛ­කා­ධි­කාරි මයි­ල­ග­ස්තැන්නේ ධම්මා­නන්ද හිමි­යන් ඇතුළු මහා සංඝ­ර­ත්නය ඉකුත් 3වන දින උප­වා­ස­යක නිරත වූහ. එයට ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහා­යද ලැබිණි. ඔවුන්ගේ ඉල්ලිම වූයේ ගල් කොරිය වසා­දමා ප්‍රදේ­ශ­වා­සින්ගේ ජිවිත සුර­ක්ෂිත කරන ලෙසය.

එම උප­වා­ස­යත් සමඟ එයට විස­ඳුම් ලෙස 4 වන දින වල­පනේ ප්‍රාදේ­ශය ලේකම් කාර්යා­ලයේ දී හදිසි රැස්වී­මක් සංවි­ධා­නය කොට තිබිණි. මධ්‍යම පලාත් ආණ්ඩු­කාර ලලිත් යු. ගමගේ මහතා මෙහි මුලි­ක­ත්වය ගත් අතර දිස්ත්‍රික් ලේක­ම්ව­රයා මෙන්ම සියලු රාජ්‍ය නිල­ධා­රීහු ද දෙශ­පා­ලන අධි­කා­රයේ නියෝ­ජි­තයෝ ද එක්ව සිටි­යහ. එම අව­ස්ථා­වට වැඩම කොට සිටි මහා සංඝ­ර­ත්නය සිදු­වී­මට බලපෑ කරුණු පිළි­බ­දව දීර්ඝ ලෙස හේතු සාධක දැක්වුහ. වහාම ක්‍රියා­ත්මක වන පරි­දි‍ ­එම ගල්කො­රියේ බල­ප­ත්‍රය අව­ලංගු කරන ලෙස ද ඉල්ලා සිටි­යහ.

අනුව 2020 වර්ෂය සඳහා ප්‍රාදේ­ශීය සභාව මඟින් එම ගල්කො­රියේ වෙළෙඳ බල­ප­ත්‍රය දිර්ඝ නොකි­රී­මට තිර­ණය කරන ලදී. තව ද එම සාක­ච්ජා­වේදී තවත් වැද­ගත් කරු­ණක් ඉස්මතු විය. එනම් මෙම ගල්කො­රිය පව­ත්වා­ගෙන යෑම සඳහා මධ්‍යම පරි­සර අධි­කා­රිය. ගොඩ­නැ­ගිලි පරි­ක්ෂණ ආය­ත­නය ඇතුළු රාජ්‍ය ආය­තන නව­යක් අව­සර ලබා දී ඇති බවයි. මෙහි දී අද­හස් දැක්වු එක් නිල­ධා­රි­යෙකු පැව­සුවේ අදාල ගල්බෝර දමනු ලබන අව­ස්ථා­වල දී ස්ථානීය පිරි­ක්ෂණ සිදු කරන ලද අතර එහිදී සිදු වන කම්ප­න­ය­න්ගෙන් එම අවට ඇති නිවාස කිසිදු බල­පැ­මක් සිදු නොවන බවට තහ­වරු වූ බවයි. නමුත් ගල්කො­රිය අවට ඇති කඳු මුදුන් එම ගල්වෙඩි දැමීම නිසා ඇති වු කම්ප­න­යෙන් පහ­ළට කඩා වැටෙන තත්ත්ව­ය­කට පත් වූ අතර නිවාස කඳු මුදු­නට නොගිය අතර කඳු මුදුන් නිවාස සොයා ආවේය. ඒ පිළි­බඳ පරිෂා නොක­රන ලද්දේ මන්දැයි මෙහි දී මහා සංඝ­ර­ත්නය විමසා සිටි­යහ.

මිනි­ස්සුන්ගේ ගෙවල් දොර­ව­ල්ව­ලට කර­ද­ර­යක් තිබුණෙ නෑ

 - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

කෙසේ වෙතත් පැය හත­ර­කට ආසන්න වේලා­වක් පැවති එම සාක­ච්ඡාව අව­සා­නයේ මධ්‍ය වෙත අද­හස් දැක්වූ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් ආර්.එම් ආර් පුෂ්ප කුමාර මහතා මෙසේ කීවේය.

“පසු­ගි­යදා මල­ප­ට්ටාව ප්‍රදේ­ශයේ ඇති වූ නාය­යෑ­මෙන් හත­ර­දෙ­නෙකු මිය ගියා. ඉන් තුන්දෙ­නෙ­කුගේ මළ­සි­රුරු සොයා­ගැ­නී­මට පුළු­වන් වුව­ණත්, එක් අයෙ­කුගේ සිරුර සොයා­ගැ­නී­මට හැකි වුණේ නෑ. මේ ආපදා තත්ත්ව­යත් එක්කම ප්‍රදේ­ශයේ විශාල ජනතා නැඟී­ටී­මක් සිදු වුණා. ඔවුන් ප්‍රකාශ කරන්න ගත්තා මේ නාය­යෑ­මට හේතුව ඒ ප්‍රදේ­ශ­යේම පව­තින ගල් කොරිය කියලා. මේ සම්බ­න්ධ­යෙන් අද දින වල­පනේ ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලයේ දී මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සාක­ච්ඡා­වක් පැවැ­ත්වූවා. ඒකට ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නය, භූ විද්‍යා හා පතල් කැණිමේ කාර්යාං­ශය, මධ්‍යම පරි­සර අධි­කා­රිය, වල­පනේ ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලය, වල­පනේ ප්‍රාදේ­ශීය සභාව, අපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සහ අනෙ­කුත් මේ සඳහා සම්බන්ධ වන සියලු ආය­ත­න­වල නිල­ධා­රීන් සහ ප්‍රදේ­ශ­වා­සීන් එකතු වෙලා දීර්ඝව සක­ච්ඡා­වක් කරලා තීන්දු­වක් ගත්තා, මහ­ජන ඉල්ලී­මක් වෙලා තිබුණු ඒ ගල්කො­රිය පව­ත්වා­ගෙන යෑම නතර කිරී­මට. භුවිද්‍යා හා පතල් කැණීමේ කාර්යාං­ශය තව­දු­ර­ටත් ගල්කො­රිය පව­ත්වා­ගෙන යෑමට අව­සර ලබා නොදෙන බවට මේ සාක­ච්ඡාවේ දී පොරොන්දු වුණා” යැයි පැව­සිය.

 

ගෙවල් පුපු­රලා තිය­නවා ඇස් දෙකෙන්ම දැක්කා

- වල­පනේ ප්‍රාදේ­ශීය සභා සභා­පති

නාය­යෑම පිළි­බඳ වග­කීම වල­පනේ ප්‍රාදේ­ශය සභාව විසින් දැරිය යුතු බවට ප්‍රදේ­ශ­වා­සින් මෙන්ම බොහෝ දෙනෙ­කුගේ මතය විය. අප ඒ පිළි­බඳ වල­පනේ ප්‍රාදේ­ශය සභාවේ සභා­පති ආනන්ද හිත්තැ­ටිය මහ­තා­ගෙන් විම­සි­මක් කළෙමු.

“මේ ගල්කො­රිය පිළි­බඳ ප්‍රාදේ­ශීය සභාවේ විස්තර තියෙන්නේ 2013 ඉඳලා. මම පත් වන විටත් එම ස්ථාන­යට 2017 වර්ෂය සඳහා අව­සර දීලා තිබුණේ. 2018 වර්ෂයේ මෙහි බල­ප­ත්‍රය දුන්නට පස්සේ ප්‍රදේ­ශ­වා­සි­න්ගෙන් පැමි­ණිලි ආවා. මම ගිහින් ඒ ප්‍රදේ­ශය පරික්ෂා කරලා බලුවා. මම ඇස් දෙකින්ම දැක්කා ඒ ගෙවල් ඉරි­ත­ළලා පුපු­රලා තියෙ­නවා. එක නිසා අපි තීර­ණ­යක් ගත්තා 2019 වර්ෂ­යට මෙකේ බල­ප­ත්‍රය නොදී ඉන්න. ඒ නිසා මේ සැප්තැ­ම්බර් වෙන­කම්ම අපි ගල්කො­රි­යට අව­ස­රය දුන්නේ නැහැ. ඒ අය මට විවිධ බල­පෑම් කළා. ඒත් අපි එක මත­යක හිටියා. අව­සන් වතා­වට පාර හදන චීන සමා­ග­මෙන් මට කිව්වා අපිට මේ නිසා ගොඩාක් පාඩු­වෙලා තියෙන්නේ, මේක චීන ජනා­ධි­ප­තියි ලංකා‍වේ ජනා­ධි­ප­තියි අතර තියෙන ගිවි­සු­මක්, මම එක ජනා­ධි­පති තුමාත් එකක් බලා­ග­න්නම් කියලා. මේක ලොකු ප්‍රශ්න­යක් වෙලා එයට අව­සර දෙන තත්ව­ය­කට මම පත් වුණා. මට අන්ති­මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම මට ඉස්ස­රලා තව රාජ්‍ය ආය­තන නව­යක් මෙකට අව­සර දිලා තිබුණේ . මේ සිදු වීම ගැන මට විශාල කන­ගා­ටු­වක් තිය­නවා.

චන්දන තිලක් ද සිල්වා

චන්දන තිලක් ද සිල්වා

....


අදහස්

7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0