වසර ගණනකට පසු නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට යළි අවස්ථාව

Click to
follow

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වසර කිහිපයකින් නොවුණු බවත් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මාසයේදී යළි ආරම්භ කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ සඳහා අයැදුම්පත් රැසක් පසුගිය කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇතැයිද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

ලබන මාර්තු-අප්‍රේල් වනවිට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කිරීමේ කටයුතු මාර්තු මාසයට පෙර අවසන් කළයුතු බවත් මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර එම ඡන්ද විමසීම පවත්වා අවසන් කෙරෙන තුරු නව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම නීතිමය තත්වය වන බැවින් උතුරේ පුදුකුඩිඉරිප්පු, මුහුදුබඩ පත්තු යන ප්‍රාදේශීය සභාවල මැතිවරණය වසර ගණනාවක් තිස්සේ කල් යමින් තිබීම හේතුවෙන් මැතිවරණ නීතිය අනුව නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට කල් කගවී තිබේ.

මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් වන අතර ඉන් පක්ෂ කිහිපයක තනතුරුවල ගැටලු පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

....


අදහස්

2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0