2015ට කලින් බිලියන 6500ක බැඳුම්කර හොරෙන් විකුණලා

Click to
follow
2015ට පෙර පැවති රාජපක්ෂ රජය විසින් රුපියල් බිලියන 6,500ක් වටිනා මහබැංකු බැඳුම්කර හොර රහසේම විකුණා දමා ඇති බවත් වත්මන් රජය විසින් බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර යටගසන්නේ මෙය සැඟවීම සඳහා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි. 
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
 
"අපේ ආණ්ඩුව කාලේ, යහපාලන ආණ්ඩුව කාලේ බැඳුම්කර නිකුත් කෙරුවේ බිලියන 10කට. ඕගොල්ලො දන්නවද, 2015න් එහාට 2015න් පිටිපස්සට ඒ අවුරුදු 10 තුළ බිලියන 6500ක බැඳුම්කර හොර රහසේ දීලා තියෙනවා. මේ අපි විකුණපු 10 අල්ලගෙනනෙ කෑගැහුවේ. අර වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කෙරුවා. ඒ වෝහාරික වාර්තාවේ තියෙනවා යහපාලන ආණ්ඩු කාලේ බිලියන 10ක තමා බැඳුම්කර වික්කෙ, නමුත් යහපාලන රජයට කලින් තිබ්බ රජය  බිලියන 6500ක බැඳුම්කර හොර රහසේ විකුණලා තියෙනවා කියලා. ඒකයි පාර්ලිමේන්තුව කල් දාලා - වෝහාරික වාර්තාව දෙසැම්බර් 03 තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණේ. ඉතින් අපි කථානායකගෙන් ඉල්ලීමක් කෙරුවා ඒ වෝහාරික වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා - ඒ බිලියන 6500 ගැන, ඒක ඒගොල්ලො හැංගුවා." 
 
 
 
 
....


අදහස්

6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0