මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැතිකම නිසා මහා පරිමාණ ව්‍යාපෘති නවතා දැමීමේ තීරණයක්!

Click to
follow
මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැතිකම නිසා සියලුම මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ලබන අගෝස්තු මාසය දක්වා අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබේ. 
 
මහා භාණ්ඩාගාරයෙහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තමන් වෙත කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ අගෝස්තු මාසයේදී නව අයවැයක් ඉදිරිපත් කරන තුරු මෙම ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති හෙයින් පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලි, මහාමාර්ග ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඒවා ආරම්භක හෝ අවසන් අදියරේ පැවතියත්  නවතා දැමීමට සිදුව ඇති බවයි. 
 
රජයේ නව බදු සහන ප්‍රතිපත්තිය මත වැට් බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද අඩුකිරීම තුළින් රාජ්‍ය ආදායම පහළ වැටීම මෙම තත්වයට හේතුවී ඇති බව භාණ්ඩාගාරයේ ජේෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි. 
....


අදහස්

9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0