මහ ඡන්දයට රු. කෝටි 500ක ඇස්තමේන්තුවක්

Click to
follow

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇතැයි මැතිවරණ කොමිසම ගණන් බලා තිබේ. ඒ බව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රජයට දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි මේ වන විටත් සකස් කිරීමේ කටයුතු මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ද මේ වන විට දැනුවත් කිරීම් කරන බව ද ඔහු පැවැසීය.

මෙවර මහ මැතිවරණයට යොදා ගන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය බව ද එම නිලධාරියා කීය.

....


අදහස්

10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0