ලොව පුරා කොරෝනා මරණ 3400 ඉක්මවයි

Click to
follow

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 3400 කට අධික පිරිසකට දිවි අහිමි වී ඇත.

අද වනවිට වෛරසය, ලොව කුඩාම රාජ්‍යය වන වතිකානය වෙතද පැතිරගොස් අවසන්.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය සහ සවුදි අරාබියේ ජෙඩා නුවර වෙත සිදුකරන ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ  චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇති බවයි. 

මාර්තු 10 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ එසේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එමෙන්ම මාර්තු 15 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම තීරණය කර ඇත.

ජෙඩා නුවර වෙත ගුවන්ගමන් අවංලගු කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් සවුදි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් විදේශ ගුවන්සේවා වෙත ජෙඩා වෙත ගුවන්ගමන් සිදුකිරිමට අවසර ලබා නොදීම හේතුවෙන්. 

කෙසේවෙතත් ශ්‍රී ලංකන් ගුවන්සේවය සෞදියේ රියාද් සහ දමාම් වෙත ගුවන්ගමන් අඛණ්ඩව සිදුකරන බවද එම සමාගම පවසයි.

මේ අතර කෙරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ලවූ චීනයේ,වෛරස් අසාදනයෙන්  මියගිය සංඛ්‍යාව මේවනවිට 3070 ක්.

එරටින් වාර්තාවන අසාදිතයින් සංඛ්‍යාව 80,651 ක්.

කෙසේවෙතත් චීනය තුළ වෛරස ආසාදිතයින් 55404 ක් සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම නව කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවෙන් මරණ 44 ක් සහ ජපානයෙන් මරණ 12 ක් වාර්තා වුණි.

කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී ඇත්තේ ඉරානයටයි.

ඉරානයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 124 ක් වන අතර ආසාදිතයින් 4747ක්.

වෛරසයෙන් යුරෝපානු කලාපයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලියටයි.

එරටින් මරණ 197 ක් සහ ආසාදිතයින් 4636ක් වාර්තා වෙයි. 

අමරිකාවෙන්ද මේ වනවිට වාර්තා වී තිබෙන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 200කට අධිකයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් කර ඇත.

මේ අතර ලොව කුඩාම රාජ්‍ය වන වතිකානයෙන්ද කොරෝනා වෛරසය අසාදිතයෙකු වාර්තා වී ඇත.

....


අදහස්

7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0