ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් සතියකට නවතී

Click to
follow

 

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර සියළු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට කුවෙට් බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කුවෙට් සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාල අත්හිටුවීම ප්‍රකාශයට පත් කරඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. 

ශ්‍රී ලංකාවට අමතරව කුවෙටය විසින් බංග්ලාදේශය, පිලිපීනය,ඉන්දියාව, ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන රටවල් අතර ද ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවා ඇත. 

එමෙන්ම කුවෙට් රාජ්‍යයේ වලංගු නේවාසික හෝ පෙර පිවිසුම්වීසා බලපත්‍රයක් හිමි ඕනෑම ජාතිකයෙකුට, එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ ඉහත සඳහන් කළ රටවල රැදී සිට වෙනත් ගුවන් තොටුපලක් මඟින් හෝ කුවෙට් රාජ්‍යයට පැමිණීම තහනම් කර ඇති බව සඳහන්. 
 

....


අදහස්

7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0