කොරෝනා වසංගතය: උතුරු ඉතාලිය ජනතාව මිලියන 16ක් නිරෝධායනයට ලක්කරයි

Click to
follow

ඉතාලිය කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා ජනතාව මිලියන 16ක් නිරෝධායනයට ලක්කර ඇත.

මේ අනුව ලොම්බාඩි සහ තවත් මධ්‍යම සහ උතුරු ඉතාලි ප්‍රාන්ත 14ක ජනතාවට එම ප්‍රදේශවලින් පිටවීම සීමාකර අති අතර ඒ සඳහා ඔවුන්ට විශේෂ අවසර ලබාගත යුතු බවට් නීති පනවා ඇත.

ඉතාලියේ පාසැල්, ක්‍රීඩාගාර, සමාජ ශාලා ඇතුළු පොදු ස්ථාන සියල්ල වසා දැමීමට රජය නියෝග කර ඇත. යුරෝපයේ කොරෝනා වයිරසය පැතිරුණු ප්‍රධානටහම රට ඉතාලියයි. සෙනසුරාදා එරට වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව 1200 සිට 5,883 දක්වා සීග්‍රයෙන් වර්ධනය විය. ඉතාලියෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නව නිරෝධායන නීති එරට ජනගහනයෙන් හතරෙන් එකකට පමණ බලපානු ලැබේ.

උතුරු ඉතාලිය එරට ආර්ථිකයේ මර්මස්තානයක් වන අතර මෙම නීති එරට ආර්ථිකයට බරපතල බලපෑම් එල්ල කරයි. මෙම නව ක්‍රියාමාර්ග නිසා ජනතාවට විශාල කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රියාමාර්ග ගැනීමට සිදුවී අති බවත් රජය පවසයි.

....


අදහස්

3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0