කොරෝනා වසංගතය: ලෝක මූල්‍ය වෙළෙඳපොල කඩාවැටේ

Click to
follow

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වසංගත තත්වයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් ඇමරිකාව යුරෝපයට ගුවන් ගමන් තහනමක් පැනවීමත් සමගම ලෝක මූල්‍ය වෙළෙඳපොළ අද (12) විශාල බිඳවැටීමකට ලක්වි ය.

යුරෝපා කොටස් වෙළෙඳ පොළ අද ඉතාමත් අඩු අගයකින් ආරම්භ වූ අතර ලන්ඩන්  FTSE දර්ශකය 5%කින් පහළ ගියේය. ජෙට් එන්ජින් නිෂ්පාදක රෝල්ස්රෝයි කොටස් මිල 13%ක අඩු වීමක් වාර්තා කරමින් වෙළෙඳපොළට විශාලතම බලපෑම එල්ල කළේ ය.

ජර්මන් DAX දර්ශකය 7%කින් අඩු වූ අතර එය 2016න් පසු වාර්තා වූ දරුණුම බිඳ වැටීමයි.

ප්‍රංශ CAC 40 දර්ශකය 8%කින් පහත වැටුණු අතර චීනයට අමතරව දැඩි ලෙස කොරෝනා වසංගතය පැතිර යමින් පවතින ඉතාලියේ 6%ක බිඳවැටීමක් වාර්තා කළේ ය.

මොසකව් කොටස් වෙළෙඳපොළ 5%කින්ද ඕස්ට්‍රේලියානු වෙළෙඳපොළ 7.23%කින්ද ඉන්දියාවේ මුම්බායි සෙන්සේක්ස් දර්ශකය 6.5%කින්ද ජපානයේ නිකී දර්ශකය 4.4%කින්ද අඩු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වාර්තා දක්වයි.

....


අදහස්

18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0