චීනයේ අඛණ්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් නෑ

Click to
follow

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දී ඇත්තේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේ දී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරටින් මේ වන විට ආසාදිතයින් 81,008 දෙනෙකු වාර්තා වී ඇති අතර  සිදුව ඇති මරණ සංඛ්‍යාව 3255ක් වේ.
  
කෙසේවෙතත් පසුගිය බදාදා දිනයේ සිට ඊයේ දිනය දක්වා අඛණ්ඩව දින 03ක් චීනය තුළ වෛරසය දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව සදහන්.

චීනය තුළ වෛරස ව්‍යාප්තිය ශූන්‍ය වෙමින් පැවතිය ද විදේශයන්හි සිට පැමිණෙන්නන් හරහා එරට තුළ යළිත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

....


අදහස්

5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0