සැමන් කන්න කිව්වට උත්තර

Click to
follow
රට පුරා වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක සැමන් ආහාරයට ගැනීම එතරම් සෞඛ්‍යය ආරක්ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරී ජේ.සී. කස්තුරිආරච්චි මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) දෙරණ නාලිකාවේ පැවති 'චැලේන්ජ්' නම් වැටසටහනට එක්වෙමිනි.
 
සැමන් මිල පහත හෙළීමත් සමඟ බොහෝ පිරිස් පෝලිම් ගැසීගෙන සැමන් මිලදී ගැනීමට කටයුතු කරන අතර මේ මෙවන් මොහොතක සැමන් යනු ශරීරයට වඩාත් හිතකර ආහාරයක් නොවන බව වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
 
සැමන් යනු ප්‍රතිශක්තිකරණය පහතට ඇද දමන ආහාරයක් වන අතර පිටරට මසුන්,එම මසුන්ට යොදන රසානයනික ද්‍රව්‍ය පිළිබඳ අපට වැඩි දැනීමක් නොමැති බවත් හෙතෙම එහිදී කියා සිටියේය. වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා හැකි තාක් නිවෙස් තුළට වී සිටින ලෙස පැවසුවත් ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකර බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා ෆුඩ් සිටිවල පෝලිම් ගැසී සිටීමෙන් වන්නේ වෛරසය බලෙන් ආසාදනය කර ගැනීමක් වැනිය.
 
තත්ත්වය එසේ වූ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනතාවට තෙල් මිල සහනය වෙනුවට සැමන් සහ පරිප්පු සහන මිලට ලබාදෙන බවයි.
 
....


අදහස්

2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0