අනුරාධපුර බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් රැඳවියෙක් මරුට

Click to
follow

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය පවසයි.

ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ කර ඇත.

එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් ‍රැඳවියන් 5 දෙනෙක් තුවාල ලබා ‍අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව එම රැඳවියන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධානාගාරයෙන් පැන ‍ගොස් නොමැති බව පොලීසිය පවසයි.

කලහකාරී රැඳවියන් එළියට පැමිණීම වැළැක්වීම සඳහා අනුරාධපුර ‍පොලීසිය, කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාවට ‍යොදවා ඇත.

....


අදහස්

2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0