කොවිඩ් ගැන ශ්‍රී ලංකාව ඇතුව රටවල් 19ක් චීනය සමග වීඩියෝ සාකච්ඡාවක

Click to
follow

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

චීන විද්‍යා ඇකඩමිය, රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානය සහ පීකිං විශ්ව විද්‍යාලයේ පළමු රෝහලේ විශේඥයින් විසින් මෙහිදී රටවල් 19යේ නිලධාරීන් ඉදිරිපත් කළ ප්‍රශ්න 80 කට වැඩි ගණනකට පිළිතුරු සපයන ලදී.

වසංගතයේ සංවර්ධන ප්‍රවණතාව සහ ලක්ෂණ මෙන්ම වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම, සායනික ප්‍රතිකාර හා නිරෝධායනය පිළිබඳ චීනයේ අත්දැකීම් ද ඔවුහු මෙහදී බෙදාගත්හ.

මුලින්ම මෙම සාකච්ඡාව පැය දෙකකට සැලසුම් කර තිබුණත් එය පැය 4ක් දක්වා වර්ධනය විය.

මෙම අවස්ථාවට 200 ක පමණ පිරිසක් එක්ව තිබේ.

චීන පාර්ශවයේ හඳුන්වාදීමට අනුව, චීනයේ වෛරසයට එරෙහිව සටන් කිරීමේ නවතම තත්වය අඛණ්ඩව වැඩිදියුණු වන අතර නිෂ්පාදනය හා ජීවන පිළිවෙල වේගයෙන් යථා තත්ත්වයට පත් කර ඇත. 

වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා විවෘත, විනිවිද පෙනෙන හා වගකිවයුතු ආකාරයකින් චීනය ජාත්‍යන්තර සහයෝගීතාවයේ ක්‍රියාකාරීව නිරත වී සිටී. වසංගතයට එරෙහි සටනට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගීතාවය හා සම්බන්ධීකරණය අවශ්‍ය වන අතර චීනය අනෙකුත් රටවල් සමඟ එක්ව ගෝලීය මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතතාව ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇත.

 
....


අදහස්

9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0