ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 291ක් අත්අඩංගුවට

Click to
follow

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් එම පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.

මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යනාදි කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය

....


අදහස්

9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0