මෙන්න එදා සජිත් කිව්ව දේ... ආණ්ඩුව ගණන් ගත්තේ නෑ...

Click to
follow

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා එයින් ජනතාවගේ එදිනෙදා ජීවිතයට එල්ල විය හැකි තර්ජන පිළිබඳව පළමුවරට පසුගිය පෙබරවාරි 06 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය. එනම්,

දැනට චීනයේ ප්‍රාන්ත 31ක් පුරාමත් වෙනත් රටවල් 22ක පමණත් වාර්තා වී ඇති  නව කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2020.02.02 වනවිට ලොව පුරා මෙම වෛරසය ආසාදිතයින් 14300කුත්, මරණ 305කුත් වාර්තා වී තිබෙනවා. අද දවසේ තත්ත්වය බැලුවොත් ආසාදිතයින් 24000කුත්, මියගිය ප්‍රමාණය 490කුත් වෙනවා. චීනයට අමතරව වෙනත් රටවල් 25කින්ද රෝගීන් වාර්තා වී තිබෙනවා. චීනයෙන් පිටත ප්‍රථම මරණය පසුගිය සෙනසුරාදා පිලිපීනයෙන් වාර්තා වුණා. මේ වනවිට හොංකොන්වලත් වාර්තා වී තිබෙනවා. එසේම මේ වනවිට රටවල් බොහෝමයක් චීන ජාතිකයන්ට වීසා ලබාදීම තහනම් කර ඇති අතර ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා කිහිපයක් ඇතුළු ගුවන් සේවා රැසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් චීනය දක්වා වන තම ගුවන් ගමන් නවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියෙකු පමණයි. ඒ රෝගී පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි. දන්නා පරිදි චීන ජාතික කාන්තාවක්. නමුත් ඒ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝගීන් මේ වනවිටත් රෝහල්වලට ඇතුළත් කරමින් පවතිනවා. මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරයාම පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන නමුත් මෙහි භයානක බව හා ඉතා පහසුවෙන් පැතිරයාමේ ස්වභාවය සැලකීමේදි එය පැතිරයාමේ අවදානම අවම කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අපගේ විශ්වාසයයි. මෙම පසුබිම යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව රජයෙන් පිළිතුරු හා පැහැදිලිකිරීම් බලාපොරොත්තු වෙනවා. 

 
1. මෙම කොරෝනා වෛරසය ආසාදනයෙන් අනතුරුව රෝග ලක්ෂණ මතුවන්නේ දෙසතියක කාලයෙන් පසුව බැවින් චීනයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණෙන පිරිස් ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරීම්වලට පමණක් සීමා නොකර ඔවුන් නිසි නොරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා නේද???
 
2. දැනට චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බඩු භාණ්ඩ මෙන්ම ආහාර වර්ග හරහා මෙම වෛරසය පැතිරයාමේ අවදානමක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රජය විසින් සිදුකොට තිබේද????
 
3. එසේ අවදානම් තත්ත්වයක් පවතින්නේ නම්  එම තත්ත්වය පාලනය කිරීමට ගනු ලබන පියවර මොනවාද????
 
4. ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය බලා කෙරෙන ගුවන් ගමන් සීමා කිරීමට හෝ නතර කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබේද ???? තවදුරටත් ගුවන් ගමන් සිදු කරන්නේ නම් ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව රජය විසින් සහතිකයක් ලබා දෙන්නේද????
 
මං මේ අවථාවේදී ප්‍රශංසා කරන්න කැමතියි හුනාන් නගරයෙන් සිසු සිසුවියන් හා අනෙකුත් ශ්‍රී ලාංකික ප්‍රජාව ගෙන එන්නට කටයුතු කළ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය අමතර ගෙවීම් සියල්ලක්ම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව.
 
5. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි  මුව ආවරණ සඳහා රජය විසින් පාලන මිලක් නියම කළද දිවයින පුරා සමහන් වෙළෙඳුන් විසින් එම මුව ආවරණ සඟවමින් වෙළෙඳපොළ හිඟයක් මවාපාන බව පෙනෙන්නට තිබෙන බැවින් මේ තත්ත්වය කඩිනමින් නිවැරැදි කිරීමට ගන්නා වූ පියවර මොනවාද????
 
මෙය ජාතික හදිසි තත්ත්වයක් ලෙස සලකා රජය මඟින් නිසි ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් යෙදීමට කටයුතු කරන්නේද????
 
6. කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවන අතර මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවීමේ අවදානමක් ඇති බැවින් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි පුළුල් පෙර සූදානම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන්නේද????
 
එසේම හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණදීමටත් ඒ පිළිබඳව ජනතාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීමටත් රජය විසින් ගෙන ඇති පියවර මොනවාද?????
 
7. මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගැනීම උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කරන්නේද????
 
8. මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ප්‍රමාණය ගණන් හදලා බැලුවම සාර්ස් වෛරසයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩියි. සාර්ස් වෛරසයෙන් නැති වූ ජීවිත සංඛ්‍යාව 349යි. මේ වනවිට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 490යි. මේ ආසාදනය ඉක්මනින් ව්‍යාප්ත වුණාට ආසාදිතයින් ප්‍රමාණයට සාපේක්ෂව මියගිය ප්‍රතිශතය සාර්ස් වෛරසයට වඩා අඩුයි. මේ වෛරසය ඉක්මනින් ව්‍යාප්ත වීමේ ක්‍රියාවලිය තුළ රජය ගන්න ක්‍රියාමාර්ග මොනවාද???? යන්නයි.
 
කෙසේනමුත් එදා සිදුකළ  ප්‍රශ්න කිරීම්වලට කිසිඳු සාධනීය හෝ ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට රජය සමත් වූවා නම් අද මේ වනවිට මෙතරම් අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ නොතිබුණි.
 
 
....


අදහස්

5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0