බුලත් විට වෙනුවට චුවිංගම්

Click to
follow
දේශපාලනයේ දී දේශපාලකයෝ විවිධ දේශපාලන උපක්‍රම භාවිත කරති. ඇතැම් දේ කියති. ඇතැම් දේ කරති. එලෙස කරන කියන දේවල් වල උචිතානුචිත බව මත ඔවුන් කෙරේ ජනප්‍රසාදය ඇති වෙන්නත් නැතිවන්නත් යන්නෙ වචනයක වෙනසකි.
 
එය ගෝලීය දේශපාලනයේ ද එසේම ය. නිදසුනක් ලෙස අතීත ප්‍රංශයේ දී මාරි ඇන්ටෝනියෝ බිසව කී "පාන් බැරිනම් කේක් කාපං"කතාව ප්‍රංශ විප්ලවයෙන් සියවසකටත් මෙපිට වර්තමානයේ දී ද ලොවට අමතක නැත. ශ්‍රි ලංකාවේ දේශපාලනයේ දී ද අපට එවැනි තැන් හමුවේ. නමුත් හමුවන බොහෝ කියමන් හෝ කෙරුම් අවාසනාවකට මාරි ඇන්ටෝනියෝ පන්නයේ ඒවායි. එවැනි කියමන් සදහා ලංකාවේ කප් ගැසූ දේශපාලකයා යූ.ඇන්.පී යේ සදාකාලික නායක රනිල් වික්‍රමසිංහ ය.
 
"තරුණයන්ට බ්‍රේස්ලට්", "බුලත්විට වෙනුවට චුයිංගම්" වැනි මුග්ධ කතා වල හිමිකරු ඔහු ය. නමුත් මුවින් එලියට පිටකල වචනයක් වර්තමානය වන තුරු ම මිනිසුන් මතක තබාගෙන කියන්නට සමත් වූ දේශපාලකයෙක් වේ නම් ආර් ප්‍රේමදාස ය. ඔහු වරක් කී "මාව ඝාතනය කරාට කමක් නෑ.. මගේ චරිතය ඝාතනය කිරීම මට උහුලන්න බෑ" කියන කතාව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයො තවමත් සිහිපත් කරති. ප්‍රේමදාස ජනාධිපති මිය ගොසිනි. දැන් දේශපාලනය කරන්නේ ප්‍රේමදාසගේ පුතාණෝය.
 
මෙකල දේශපාලනය වෙනස් ය. ඉදින් පසුගිය දා හිටි හැටියේ ෆේස්බුක්හි සජීවීව පෙනී සිටි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා වෛරසය සදහා භාවිත කළ හැකි ඖෂධ කිහිපයක නම් කීවේය. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල හා හූවක් නැගුණේ ය. එහිදී ඔහු ඖෂධ නිර්දේශ කරන්න වෛද්‍යවරයෙක් ද ඇතැම්මු ඇසූහ. මේ සා ප්‍රශ්න රැසක් සමාජ මාධ්‍ය තුළ විය. එය එක් පැත්තකින් ඔහුගේ දේශපාලනය ට අවාසි සහගත තත්ත්වයක් ඇති කරන්න තරම් බලපෑම් සහගත වීමට ද පුලුවන.
 
නමුත් ප්‍රශ්නය නම් මෙහිදී ඔහු විසින් ප්‍රකාශ කළ ඖෂධ වර්ග තුන පිළිබඳව නිර්දේශය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති පසුබිමක සහ sciencemag.org වැනි වෙබ් අඩවි ගණනාවක ප්‍රසිද්ධියේ නිර්දේශ නිකුත් කර ඇති පසුබිමක ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ සංවිධානාත්මක පහර කෑමට ඔහු ලක් වීමයි. එම තත්ත්වය එසේ වන විට මෙහි අනෙක් පසින් ලංකාවේ සිදු වූයේ මෙම සිද්ධියට දින කිහිපයකට පෙර ෆාමසි වල මෙම ඖෂධය ඉවර වී තිබීම ද විශේෂ සිද්ධියකි.
 
එමෙන්ම සිදුවී ඇත්තේ අපට අතීතය අමතක වීමයි.
 
පසුගිය රාජපක්ෂ රෙජීමය රටේ පාලන බලය හොබවන දින වල දී කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ඇතැම් සායනික කටයුතු වලට හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ සහභාගී වී, සායනයට පැමිණි රෝගී ළමුන්ගේ උගුරු වෙතට එබී ටෝච් ගසා බැලීම, x-ray වාර්තා පරීක්ෂා කිරීම වැනි කටයුතු ඇය විසින් කළේ ඇය සතුව කිසියම් වෛද්‍ය විද්‍යාත්මක දැණුමක් පහළ වී ද යන්න ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය කසල ශෝධකයන්ගෙන් ඇසීම වටී.
 
අනෙත් කරුණ නම් මේ ව්‍යසනකාරී වාතාවරණය තුළ ආණ්ඩුව විසින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරණය කෙතෙක් දුරට මහ මැතිවරණය ඉලක්ක කොට ඇති එකක් ද යන්න විමසීම වටී. ඒ සදහා හොඳ ම නිදසුන ඊයෙ (24) අරලිය ගහ මන්දිරයේ පැවති පක්ෂ නායක රැස්වීමයි. එම රැස්වීම ආවරණය කිරීමට කිසිදු මාධ්‍යයකට අවස්තාව ලබා නොදී තිබූ අතර සියලුම මාධ්‍ය කටයුතු මෙහෙයවා තිබුණේ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසිනි. එහි පිටපත අනුව සියලුම සැලසුම් ක්‍රියාත්මක වූයේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව නිෂේධානාත්මක චිත්‍රයක් ගොඩ නැගීම අරඹයාය.
 
එය ඊයේ රාත්‍රිය වන විටම ඇරඹිනි. ඒ පිටපත අනුව මාධ්‍ය වෙත මුදා හැරුණේ සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුණු ආවරණය මුවින් පහළ ට වන ලෙස පැළද සිටි ජායාරූප සහ වීඩියෝ පට පමණි. නමුත් එම රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු බහුතරයක් සහභාගිවූවන් සිට ඇත්තේ ද එලෙසමයි. තවද මෙම පිටපතේ මුඛ්‍ය අරමුණ බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වන අයුරු මාධ්‍ය හරහා වැඩි වැඩියෙන් ප්‍රචාරණය කිරීමයි.
 
මක්නිසාද යත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හොදින් ම දන්නා කරුණ නම් මෙවර මහ මැතිවරණයට සජිත් සමග තරග කිරීම රනිල් සමග තරග කරනවා තරම් පහසු කටයුත්තක් නොවන බවයි. ඒ සදහා අවැසි පිටිය සකසා ගැනීම මේ ව්‍යසන සමයේදී ම නොකළහොත් එය ආණ්ඩුවට මැතිවරණයේදී විශාල හානියක් ගෙන දෙන බව ඔවුන් හොදින් ම දන්නා කරුණකි. මන්ද මේ ව්‍යසනය ලංකාවට පැමිණෙතැයි විශ්වාස නොකළ මොහොතක පවා විපක්ෂ නායකවරයා ලෙස එහි බලපෑම ඇති වුවහොත් රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් වන නිසාය. එමෙන් ම එම විමසීමෙන් මාස දෙකක් ගත වන මොහොතේ එම ව්‍යසනයට රට මුහුණපාන විට පවා ආණ්ඩුවට ආපදා කළමනාකරණය පිළිබඳව මනා සැලැස්මක් නොතිබීමේ වරදකාරී සිතුවිල්ලෙන් බේරීමට ආණ්ඩුවට මේ මොහොතේ බැරිය.
 
ඉදින් රාජපක්ෂ රජය කරමින් සිටින්නේ තමා එවක පටන් කළ දාදු කෙළියමය. එහි දාමා මෙවරත් රනිල් වික්‍රමසිංහ ය. ඔහු රාජපක්ෂලාට තරගය දිනීමට මග සලසන ඕනෑම  කොටුවකට සිය කැමැත්තෙන්ම යාමට සූදානමින් සිටින්නේය. එයට අවශ්‍යය කරන මාධ්‍ය අනුග්‍රහය ලබා දීමේ නිල වගකීම මෙතුවක් යූ.ඇන්.පී ය නැත්තටම නැති වෙන තැස්නට පහර ගැසූ හිරු සහ දෙරණ නාලිකා විසින් බාරගෙන ඇත. ඒ අනුව ඊයේ සිට ඔවුන් යූ.ඇන්.පී යේ කුණු අපුල්ලනු ඇත. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට මඩ ම ගසනු ඇත.

 

....


අදහස්

1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0