අපේ සහය අපි දෙනවා - සජිත් ප්‍රේමදාස

Click to
follow
දිගින් දිගටම ඉල්ලා සිටි සහ අපේක්ෂා කළ සර්ව පාක්ෂික නායක හමුවක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කෘතවේදීත්වය පළකරන බවත් එහිදී ගනු ලැබූ සාධනීය තීන්දු සක්‍රීයව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සුබවාදී ස්ථාවරයක සිටින බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
 එම නිවේදනය මෙසේය.
ලෝකයේ මිලියන ගණනාවක් ජනතාව මේ වනවිටත් සිටින්නේ නිවෙස් තුළට කොටුව හුදෙකලාවය. එතරම්ම බරපතල ව්‍යසනයකට ලෝකය නතුව සිටින මොහොතේ ශ්‍රී ලංකාවද දැඩි අවදානම් සහගත තත්ත්වයක පසුවේ.
 
එවන් තත්ත්වයක් තුළ ජනතා නියෝජිතයින්ට පැවරී ඇති වගකීම සුළුපටු නොවේ.
 
විශේෂයෙන්ම මේ මොහොතේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදෙන පිරිස්, මාධ්‍යවේදීන් ඉටුකරන මෙහෙවර අතිමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
 
දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ජනතාව සියලු අපහසුතාවයන් දරාගෙන කටයුතු කිරීම පිළිබඳවද ඔවුන්ට ගෞරවය හිමිවිය යුතුය.
 
1.කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් රෝහල්වල පවත්නා පහසුකම්වල තත්ත්වය කෙසේද??? ඖෂධවල තත්ත්වය කෙබඳුද????
 
2.ආර්ථික අපහසුතාවන් සහිත ජනතාව වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද??? 
 
3.විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ නියුක්ත පිරිස් මේ මොහොතේ අති විශාල මෙහෙවරක් සිදුකරන අතර ඔවුන්ට පහසුව පිණිස ආසන්න වශයෙන් විශ්‍රාම ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිපුණයින්ගේ සහාය ලබා ගැනීම.
 
මේ උවදුර මැඩලීම කෙරෙහි ලෝකයේ නවතම සෞඛ්‍යමය මැදිහත්වීම් පිළිබඳව අවධානය යොමු කිරීම.
 
සහන සැලසීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ දේශපාලනීකරණයකට ලක් නොකොට එහි මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂම රාජ්‍ය නිලධාරියෙකු යටතට පත්කිරීම.
 
ජන ජීවිතය සවිබල ගැන්වීම සහ සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපගේ සහයෝගය නිරන්තරයෙන්ම ලබාදෙන බවද සඳහන් කරමු.
 
ඉකුත් ජනවාරි 23 වැනිදා සිට අප මේ ලෝක ව්‍යසනය ගැන උත්තරීතර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් නිරන්තරයෙන්ම අවධානය යොමු කළ අතර එය හුදෙක් පටු දේශපාලන පරමාර්ථයකින් කළ දෙයක් නොවන බවත් සහමුලින්ම මේ මාතෘභූමියේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා කළ දෙයක් බව කිව යුතුමය.
 
....


අදහස්

1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0