නිරෝධායනය අවසන් කළ තවත් 223ක් නිවෙස් වෙත පිටත් කෙරේ

Click to
follow
විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු අද (26) නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.
 
ඒ දින 14ක නිරෝධායන කාලයකින් පසුවයි.
 
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125 දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 38 දෙනෙකු මෙලෙස පිටත් කර හැර තිබේ.
 
තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව වාර්තා වන අතර රත්නපුර නගරයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන් දෙදෙනෙකුද අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ. ඔවුන් ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින්ය.
....


අදහස්

3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0