පිලිපීනයේ වෛද්‍ය සිසුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්..!!

Click to
follow

පිලිපීනයේ කොරෝනා වසංගතය මේ වන විට ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින්නේ ජීවිත රැසක් බිළි ගනිමිනි.මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට එරට ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ දැඩි තීරණ රැසක් ගනිමින් සිටින අතර ඊයේ(02) ඔහු එරට ආරක්ෂක අංශවලට නියෝග කලේ නිරෝධායන ක්‍රියාවලියට බාදා පමුණුවන ඕනෑම අයෙකුට වෙඩි තබන ලෙසය.පිලිපීනයේ තත්ත්වය එසේ දිනෙන් දින දරුණු වෙද්දී අපට දැනගැනීමට ලැබුනේ වෛද්‍ය අධ්‍යාපනය හැදැරීම උදෙසා එරටට ගිය අපේ රටේ ළමුන් 100ක් පමණ මෙම වසංගත තත්ත්වය නිසා ඉතා අසරණව ඇති බවයි. මේ සම්බන්ධයෙ පිලිපීනයේ සිටින වෛද්‍ය සිසුවකු පලකළ අදහස් මෙසේය. "ඇත්තටම පිලිපීනයේ මේ වෙනකොට ගොඩක් වේගෙන් මේ කොරෝනා වසංගතය පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ.සාමාන්‍යයෙන් දැන් දවසකට ලෙඩ්ඩු වාර්තා වෙන්නේ සිය ගණන් වලින්.අදත් ලෙඩ්ඩු 385ක් වාර්තා වෙලා තියෙනවා.දැන් ඔක්කොම ලෙඩ්ඩු 3000 ඉක්මවලා තියෙනවා.මේ වෙනකොට මරණ 136ක් වාර්තා වෙලා තියෙනවා.ඒ අතරින් 18ක්ම වෛද්‍යවරු.අපේ විශ්වවිද්‍යාල වහලා දැන් සති කිහිපයක්ම වෙනවා.අපිට පාස් එකක් දීලා සතියට දෙපාරක් එළියට යන්න දෙනවා කෑම බඩු අරන් එන්න.ඒත් මේ වසංගත තත්ත්වය නිසා හැමෝම වගේ එළියට යන්න බයයි.රට ලොක් ඩවුන් නිසා ට්‍රාන්ස්පෝට් නවත්තලා තියෙන්නේ.ඉතිං අතේ අරන් එන්න පුලුවන් ටිකක් තමයි ගේන්න පුලුවන්.කොහොම උනත් අපිට සතියකට දෙහෙකට සැරයක් අනිවාර්යයෙන්ම වගේ එළියට යන්න වෙනවා.මෙහේ එන ටැප් වතුර බොන්න බැරි නිසා වතුර කෑන් උනත් අපි ඩිලිවර් කරගන්න ඕන.ඒක උනත් මේ වෙලාවේ ගෙන්න ගන්නේ හරිම බයෙන්. ළමයි හැමෝම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් මේ වෙද්දි ඉන්නවා.හැබැයි මෙහෙදි කවුරු හරි මේ වසංගතේට අහු උනොත් අපි මාර අමාරුවක වැටෙන්නේ.මොකද අපිට ඒ කෙනා බලන්නවත් අඩුම ගානේ කෑමක් දෙන්නවත් බලන්න යන්න බෑ.අනික අපිට සෞඛ්‍ය රක්ෂණයක් වත් නෑ.ලෙඩ උනොත් අම්මලා තත්තලට ලංකාවේන් ලක්ෂ ගාණක් එවන්න වෙනවා.ඒ එව්වත් වෛද්‍යවරු 18ක් මේ වෙනකොටත් මැරිච්ච එකේ අපි වගේ විදේශිකයන්ට ලොකු බෙහෙතක් වෙයි කියලා අපි හිතන්නේ නෑ. අපි මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයත් දැනුවත් කරලා තියෙන්නේ,තානාපතිතුමියත් අපි ගැන නිතරම සොයා බලනවා.අපි ලංකාවේ රජයෙනුත් අතිගරු ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ අපේ ජීවිත අවධානම ගැන සලකලා හැකි ඉක්මනින් අපිව අපේ රටට ගෙන්න ගන්න ලෙසයි."

 

 

....


අදහස්

6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0